Educational

ජාත්‍යන්තර රන් සම්මාන දිනූ රුවින්ද්‍යා අධ්‍යාපන ඇමැති හමුවෙයි (Photos)

රටවල් 80ක් නියෝජනය කරමින් අගෝස්තු මස ජපානයේ පවත්වන ලද “ජාත්‍යන්තර ටොයෝටා සිහින කාරය” චිත්‍ර තරගාවලියේ අවුරුදු 8න් පහළ 1 වැනි කණ්ඩායමේ රන් සම්මානය දිනූ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ රුවින්ද්‍යා ඉන්ද්‍රරත්න දියණිය අද(30) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මුණ ගැසුණාය.

“සෑම ළමයෙකුටම එක සමාන අධ්‍යාපනයක්” යන තේමාව යටතේ “Toyota Knowledge Paradise Car” චිත්‍රය ඇය විසින් එම තරගයට ඉදිරිපත් කර තිබිණි. දරුවාගේ දක්ෂතාවය අගය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ද සුබ පැතූම් එක් කළේය.

(ශාන්ත රත්නායක)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top