World

ට්‍රම්ප්ට කඩේ ගිය මාධ්‍යවේදිනයට ලැබුනු තෑග්ග (Video/Photos)

පසුගියදා ඇමරිකාවේ පැවති ජනපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Donald Trump ජයග්‍රහණය වෙනුවෙන් මාධ්‍ය ක්‍රියාකළ විදිහ ගැන ලොකු විවේචන මතුවුණා.

හුඟක් මාධ්‍ය හිලරිට පක්ෂග්‍රාහීව වාර්තා සැපයූ බව තමයි ට්‍ර්ම්ප් පාර්ශ්වයේ චෝදනාව වුණේ.

හැබැයි ෆොක්ස් නිව්ස් නාලිකාවට එල්ල වුණේ ඒ චෝදනාවේ අනිත් පැත්ත.

ෆොක්ස් ට්‍ර්ම්ප්ට පක්ෂපාති නාලිකාවක්.

ෆොක්ස් හි වැඩකරන කිම්බර්ලි ගුල්ෆොයිලේ අනාගත ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇමරිකාවෙන් වාර්තා වෙනවා.

කිම්බර්ලි දිගින්දිගටම කළේ ට්‍ර්ම්ප්ට කඩේ යන එක කියලයි හුඟක් දෙනා එළිපිටම කිව්වේ. සමහර වෙලාවලදී ට්‍ර්ම්ප් විසින් කියපු ඔහුට අවාසි සහගත ප්‍රකාශත් ඇය මාධ්‍යයෙන් ඉදිරිපත් කළේ වෙනස්කරලා.

කොහොමහරි ධවල මන්දිර ලේකම් තනතුරට තෝරාගත් අයගේ සම්මුඛ වට දෙකින්ම ඇය සුදුසුකම් ලබා ඇති අතර අවසන් වටය මේ සතියේ අගදී පැවැත්වෙනවා.

මේ වෙද්දී ඇයට තරගයක්ව කරට කර ඉන්න රිපබ්ලිකන් ජාතික කමිටුවේ ට්‍රම්ප්ගේ වත්මන් මාධ්‍ය ප්‍රකාශක ෂොන් ස්පයිසර්ට වෙනත් තනතුරක් ලබාදී ඇය මේ සඳහා පත්කරනු ඇති බවත් කියනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top