Sports

ටෙස්ට් තරඟ වල වෙනස්වීම් ගැන සංගාගේ දැඩි අප්‍රසාදය.

ක්‍රිකට් ක්‍රීඩාව මෑත කාලයේ විශාල වශයෙන් වෙනස් කම් වලට භාජනය වූ අතර තරමක හෝ අඩුවෙන් වෙනස් වුයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ය.ඉදිරියේ ටෙස්ට් ක්‍රිකට් තරඟද දින හතරක් දක්වා අඩු කිරීමට මේ වන විට ICC ය තීරණයක් ගෙන ඇති අත‍ර මෙම තීරණය ගැන ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාරද තමාගේ අකමැත්ත පළකර ඇත.

පසුගිය වසර හය හත පුරාවට ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් රාශියක් වූ බව පවසන සංගක්කාර අළු බඳුන තරඟාවලිය දින හතරකට සීමා වීම ඔබට සිතා ගත හැකිදැයි ප්‍රශ්ණ කරයි.

‘‘මට තේරෙනවා,අනුග්‍රහකයන්ට,රූපවාහීනි නාලිකා වලට මින් වාසියක් අත්වේවි.මේ නිසා ප්‍රේක්ෂකයන්ටත් ටෙස්ට් තරඟයක් නරඹන්න වැය කරන කාලය අඩු කරගන්න හැකිවේවි.
නමුත් අප සළකා බැලිය යුතු සම්ප්‍රදායක් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තිබෙනවා.‘‘ යැයි සංගක්කාර වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම මේ වනතුරු දින පහේ තරඟ ලෙස නිර්වචනය වී ඇති ටෙස්ට් ක්‍රිකට් තරඟ වල පිහිටවූ වාර්ථා වලට මෙම වෙනස සමඟ කුමක් වනු ඇති දැයි සංගා ප්‍රශ්න කර සිටී.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව රැකගත යුතු බවත්,ක්‍රීඩකයෙකු පන්නරය ලබන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බවත් සංගක්කාරය අවධාරණය කරයි.

ලොව වැඩිම ටෙස්ට් ලකුණු හිමි පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පස්වැන්නා වන සංගක්කාර එම ලැයිස්තුවේ හොඳම පිතිකරු සාමාණ්‍යක් හිමි පිතිකරුවාය.ඔහු රැස්කර කර ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 12400 කි.

මිට පෙර ඕස්ට්‍රේලියානු ටෙස්ට් හා එක්දින කණ්ඩායම්වල නායක ස්ටීවන් ස්මිත් හා එම කණ්ඩායමේම ප්‍රහාරාත්මක වමත් පිතිකරු ඩේවිඩ් වෝනර් 1877 වසරේ මාර්තු මාසයේ සිට වසර 140ක් අඛණ්ඩව පැවැති දින පහක ටෙස්ට් තරග රටාව දින 4 දක්වා වෙනස් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකර සිටියා.

මෙතෙක් පැවැති සාම්ප්‍රදායික රටාවෙන් මිදී ඉදිරියේදී නිර්මාණය වීමට අපේක්‍ෂිත නව තරග ආකෘතිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගෞරව සම්පන්න භාවය විනාශ කිරීමට හේතු විය හැකි බවද එහිදී ඔවුන් පෙන්වා දී තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top