Sports

ඩිල්ෂාන් ක්‍රිකට් වලින් රිටායර්වී – ඕස්ටේ්‍රලියාවේ පදිංචියට යන සූදානමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙකු මෙන්ම සුපිරි පිතිකරුවකු වන ටී.එම් දිල්ෂාන් ක්‍රිකට් පිටියෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී සමුගැනීමට තීරණය කර ඇති බවට ආරංචියක් පැතිර තිබේ.
ඔහු මෙම තීරණය හදිසියේ ලබාගෙන ඇති බවත් එළැඹෙන එංගලන්ත ශ්‍රී ලංකා එක්දින තරගාවලියෙන්ද ඔහු ඉවත්වන්නට තීරණය කර ඇති බවත්
වාර්තා වේ. දැනටමත් ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින ඩිල්ෂාන් තරග කළේ එක්දින හා විස්සයි 20 තරග සඳහා පමණි. පසුගිය නවසීලන්ත සංචාරය

අතරතුර තරග පරාජයක් අවසානයේ ඩිල්ෂාන්ට රිටායර් වන ලෙස ලාංකික නරඹන්නෙකු ඉල්ලීමක් කර තිබුණ අතර ඒ අවස්ථාවේ ඩිල්ෂාන්ට අපහසුතාවයක් දැනුනේය.
ටෙලි නිළි මංජුලා කුමාරි සමග විවාහවී සිටින ඩිල්ෂාන් ලංකාවේ නිවාස කිහිපයකම හිමිකරුවෙකු වන අතර බොහෝ අවස්ථාවල එම නිවාස වල මාරුවෙන් මාරුවට කාලය ගත කළේය. කෙසේ වෙතත් ලැඛෙන ආරංචි අනුව ඩිල්ෂාන් මේ සියල්ල හැරදමා සිය පවුල සමග ඕස්ටේ්‍රලියාවේ ස්ථීර පදිංචියට යාමට සූදානමින් සිටී. මේ ගැන ඉදිරි දිනවලදී ඔහු නිල වශයෙන් දැනුම් දෙන්නටද නියමිතය.

www.gossiplankanews.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top