Educational

තත්පරෙන් PDF ෆයිල්ස් එඩිට් කරන්න පහසුම ක්‍රමය

ජීවිතේ එක් වරක් හෝ PDF ගොණුවක් වෙනත් ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න හරි එඩිට් කරන්න හරි උත්සාහ දරල තියනවනම් ඔබ ඒ සඳහා විය යුතු මහන්සිය අත්විඳ ඇති. අන්තර්ජාලයේ මේ සඳහා කොතෙකුත් මෘදුකාංග තිබුණත් බොහෝ ඒවා නොමිලේ ලබා ගන්න අපට බැහැ. නොමිලේ ලැබෙන මෘදුකාංග වලින් අපට අවශ්‍යය කාර්‍ය නිසියාකාරව කර ගැනීමට බොහෝ අපහසුයි. නමුත් මේ කිසිදු කරදරයකින් තොරව PDF ගොණුවක් තමන්ට කැමති ආකාරයකට හසුරවා ගන්න පුළුවන් නොමිලේ දෙන සේවාවක් ගැන තමයි මේ ලිපිය ලියැවෙන්නේ.

මේ සේවාවේ නම PDF Candy. මෙය භාවිතා කිරීමට අපට කිසිම මෘදුකාංගයක් බාගත කිරීමට අවශ්‍යය වන්නේ නෑ. මේ ලිපිය අවසානයේ ඇති වෙබ් අඩවියට පිවිසීම මේ සඳහා හොඳටම ප්‍රමාණවත්.

PDF Candy වලින් කරන්න පුළුවන් දේවල්.

මෙම සේවාව ඔස්සේ ඔබට PDF ගොණු වෙනත් ෆෝමැට් වලට කන්වර්ට් කරගත හැකිවා සේම වෙනත් ෆෝමැට් වල ගොණු PDF බවට පත් කර ගැනීමටද නිරායාසයෙන්ම පුළුවන්. එමෙන්ම තවත් විවිධාකාර වූ ටූල්ස් 24ක් මෙම සේවාව සතුයි.

PDF ගොණු Microsoft Word, JPG, BMP, PNG හා TIFF යන ආකාර වලට හරවා ගන්නටත්, Microsoft Word, Excel, Powerpoint වැනි ගෝණු PDF කරගන්නටත් ඔබට මේ හරහා පුළුවන්.

මෙහි ඇති අනෙකුත් ටූල්ස් ආධාරයෙන් ඔබට PDF දෙකක් එකතු කර එක PDF ගොණුවක් සාදා ගැනීමට, PDF ගොණුව අවශ්‍යය ප්‍රමාණයට කුඩා (compress) කර ගැනීමට, පිටු ඩිලීට් කිරීමට මෙන්ම වෝටර්මාර්ක් එකතු කිරීමටද හැකියි.

PDF Candy භාවිතා කරන්නෙ කොහොමද?

මේ සේවාව භාවිතයට ඉතා පහසු ආකාරයෙන් නිමවා තිබෙනවා.

පළමුව ඔබ මේ සබැඳිය ක්ලික් කර PDF Candy වෙබ් අඩවිය වෙත යන්න. මේ සඳහා ඔබට පරිගණකය වගේම ඔබේ ස්මාට් ජංගම දුරකථනයත් භාවිතා කළ හැකියි. එවිට ඔබට පහත පරිදි තිරයක් දිස් වේවි.

මේ අතරින් ඔබට කැමති සේවාවක් තෝරාගෙන එම අයිකනය මත ක්ලික් කර ඉතා පහසුවෙන් භාවිතා කළ හැකියි.

මින් ඉදිරියට PDF ගොණු එඩිට් කිරීමට මෘදුකාංග සොයමින් කරදර වියයුතු නැහැ. මේ ලිපිය ඔබගේ මිතුරන්ටත් දැනගැනීමට දැන්ම ශෙයාර් කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top