Sports

තමන්ට වැඩ කරගන්න බලය දෙන්න – ගම් දනව්වල ම්ලියන 20ක් ජනතාව නැගිටින හැටි මෙන්න! (Video/Photos)

නිඳහස යන වචනය අපේ රටේ මිනිසුන්ට වෙන කවරදාටත් වඩා අත්විඳින කාල පරිච්චේදයක් අද දවසේ උදාවී ඇති බව ඔබ අප සියලු දෙනාම දන්නා කරුණකි. අද තම අදහස් නිදහසේ දැක්වීමටත් නිදහසේ ජිවත් වීමටත් අවකාශයක් ලැබී ඇත… රටේ ජනපති අගමැතිගේ සිට ඕනෑම කෙනෙකුට ඕනෑම අදහස දැක්වීමට හැකිය… ඒ වෙනුවෙන් සුදු වෑන් හෝ මිනීමරු අඳුරු සෙවනැලි පසු පසින් පන්නන්නේ නැති නිදහස් යුගයක් උදාවී ඇත. ඒ නිදහස දරා ගත නොහැකි හා එය වල්බුරු නිදහසක් කරගත් නොමිනිසුන් අතර නිදහස අගය කරන හා ඒ නිදහස භුක්ති විඳින බහුතර ජනතාවක් රටතුල වාසය කරති…

එක අඳුරු සමයක දේශපාලන නිඳහස, ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කිරීමේ නිඳහස, මාධ්‍ය නිඳහස, කොටින්ම කියතොත් තමන්ගේ සිත්සේ අදහස් ප්‍රකාශකිරීමේ නිඳහස තියා ජීවත්වීමේ නිඳහස පවා අහිමිව තිබු කාලයක් නිමා කොට දිවි පරදුවට තබා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ නිඳහස උදෙසා තම ජිවිතය කැප කරමින් 62 ලක්ෂයකගේ අපේක්ෂාවන් මල්පල ගන්වන්නට මෛත්‍රිපාල සිරිසේන නම් වූ ශක්තියේ හා යුක්තියේ මිනිසා රටට උදාකළ නිදහස ගමට ගෙනයන්නට හොඳම කාලය උදාවී ඇත.

ඒ වෙනුවෙන් රටේ බලයට ලැබුණු නිඳහස ගමේ බලයට පරිවතනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත… මිලියන 20ක් ජනතාව අත්විඳින නිදහස ගැන කියවෙන අපුරු වීඩියෝවක් පහතින් නරඹන්න…

නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ ….
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ස්ථාපිත කළ ,නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය, අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.

අංක 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කෙරිණි.

ඒ පිළිබද තොරතුරු ඇතුළත් www.nidahasyugayak.com වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. බී. දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top