Sports

තරගය මොහොතකට නවතියි – ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුඛවාඩම් පළඳියි (PHOTOS)

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය මොහොතකට නතර කෙරුණා. ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් මුඛවාඩම් පැළඳ තරගයට එක්වීම හේතුවෙන්.

මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් පවසා ඇත්තේ දිල්ලි නුවර පවතින වායු දූෂණයෙන් ආරක්ෂා වීමට මුඛවාඩම් පැළඳි බවයි. ශ්වසන අපහසුතා මඟහරවා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් මෙලෙස මුඛවාඩම් පැළඳ තිබෙනවා.

මේ පිළිබඳ විනිසුරුවරුන් දෙදෙනා සහ ශ‍්‍රී ලංකා – ඉන්දීය නායකයින් දෙදෙනා පිටියේදී කෙටි සාකච්ඡාවක ද නිරත වන ආකාරයක් දක්නට ලැබුණා.

පසුව විනාඩි 16කින් අනතුරුව තරගය යළි ආරම්භ කිරීමටයි තීරණය කෙරුණේ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් තවමත් පන්දු රකිමින් සිටින්නේ මුඛවාඩම් පැළඳයි. ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 06ක් දැවී ලකුණු 519ක් රැස්කර ගෙන සිටිනවා. #

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top