Political

තිරසර යුගයක – තෙවසර ඇරඹුම අද සිට

ශ්‍රී ලාංකීය ජාතියේ දිළිඳුකම දුරලීමේ වසරේ ආරම්භය අද පස්වරු 2.30ට BMICH හිදී….

වත්මන් ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ජනපති පදවිප්‍රාප්තියේ තෙවසරට පා තැබීම හා ශ්‍රී ලාංකීය ජාතියේ දිළිඳුකම දුරලීමේ වස‍රේ ආරම්භය “තිරසාර යුගයක තෙවසරක ඇරඹුම” අද දින පස්වරු 2.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ ආරාධිත ආන්ද්‍රා ප්‍රදේශයේ මහඇමති චන්ද්‍රභාහු නයිදු මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් කර ඇත.ජනාධිපති තුමා අද උදැසන මහා සංඝරත්නය පිරිවරා 1500 නමකට කොටුව ජනාධිපති මන්ධිරයේදී දානමය පිංකමක් ජනාධිපති තුමාගේ මුලිකත්වයෙන් සිදුකරන ලදී.
මෙම පිංකමට දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වනපරිදි සියලු නිකායන් නියෝජනය කරමින් මහා සංඝරත්නය වැඩම කර සිටියේය.

ඊයේ දිනයේදී දිවයිනට පැමිණි චන්ද්‍රභාහු නයිදු මැතිතුමන් ජනපතිතුමන් සමඟ රාත්‍රි භෝජන සංග්‍රයකටද සහභාගී විය. අද පෙරවරුවේ හරිත සරසවිය සහ මෙගාපොලිස් ව්‍යාපෘති වල නිරීක්ෂණයටද ජනාධිපතිතුමන් සමඟ එක්වූ එතුමා තිරසර යුගයක් තේමා ගීතය එලි දැක්වීමටද එක්විය.

අද පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතිය ආමන්ත්‍රණය කිරීමට නියමිත අතර ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ දිළිදුකම පිටුදැකීමට සහ තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට චන්ද්‍රබාබු නයිදු මහතා ගෙන ඇති පියවර ඇගයීමට ලක් කරමින් ජනාධිපතිතුමා විසින් හෙට පැවැත්වෙන උත්සවයේ විශේෂ දේශනයක් සඳහා ඒ මහතා වෙත ආරාධනා කර තිබෙන අතර ඒ අනුව සැමට සෞභාග්‍යය මැයෙන් විශේෂ දේශනයක් ඔහු විසින් පැවැත්වීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top