Local

තිහ හැත්තෑව අස්සේ කුණු රසය හොයන කුණු රසම බෙදන ඇතැම් මාධ්‍ය නිදහස් දිනයේ ජනතාවගෙන් සැඟවූ අපුරු සිදුවීම

“එකම දැයක්” තේමාව යටතේ 70 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලූ මුවදොර දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

බ්‍රිතාන්‍යය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස් හි අර්ල්වරයා වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය මෙම අභිමානවත් උළෙලට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වූ අතර විදෙස් රටවල් නියෝජනය කරමින් රාජ්‍ය නියෝජිතයෝ රැසක් ද ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රවිනිශ්චකාරතුමා, මැති ඇමතිවරු, පළාත් ආණ්ඩුකාරවරු, ප්‍රධාන අමාත්‍යරු, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරු ඇතුඑ සම්භාවනීය ආරාධිතයෝ රැසක් සැමරුම් උළෙලට එක්ව සිටියහ.

මේ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ කතාවේ විකුර්ති කරන ලද වීදියෝවක්ද අන්තර්ජාලයේ සැරිසරනු ලැබූ අතර එය කාගේත් කතා බහට ලක්විය මේ අතර

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුනි.

අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය.කසුන් පලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි ඒ මහතාගේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය සිකුරාදා අධිකරණය කරුණු වාර්තා කරමින් මහ බැංකු භාණ්ඩාගාර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සැකකරුවන් ලෙස නම් කළේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතාට 15 වෙනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එදින නියෝග කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සිදුකළ වැරදි කිහිපයක් හඳුනාගෙන ඇති අතර අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදීතාවක් ඇති තොරතුරු භාවිත කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම ඉන් එක් වරදක් ලෙස හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනා අපරාධ පරීක්සණ දෙපාර්තමේන්තුව වෙත ගෙනගොස් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ජනාධිපති වරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය අන්තර්ජාලය හා බුකිය තුළ වැඩි වශයෙන් ප්‍රචාරය උවද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහා හානියක් සිදුකර අමුදවාලේ ආර්ථික මර්මස්තානයවූ මහබැංකුව කොල්ලකෑ හොරුන් අත්තඩංගුවට ගැනීම පිළිඹඳව අන්තර්ජාල මාධ්‍ය වාර්තාකලේ ඉතාමත් අඩුවෙනි.

කුණු රසය හොයන කුණු රසම බෙදන ඇතැම් අන්තර්ජාල මාධ්‍ය ජනාධිපතිවරයාට මඩ ගැසීමට කිසිම තාර්කික වටිනාකමකින් නොයුත් වචන කිහිපයක් තලුමරා රස කරද්දී, ඔහු විසින් පත්කළ මහබැංකු කොමිසම රටට අහිමිවී ගිය මුදල් නැවත රටට ගෙන ඒමටත් වැරදිකරුවන්ට දඬුවම් කිරීමටත් සිදුකළ මෙහෙය පිළිඹඳවද වාර්තා කිරීම ජනතාවගේ තොරතුරු දැනගැනීම උදෙසා බොහෝසෙයින් උපකාරීවේයයි වගකිව යුතු මාධ්‍යක් ලෙස අප හට සිතේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top