Sports

තෙවන ටෙස්ට් තරගය බ්‍රහස්පතින්දා

ජොහානස්බර්ග් හි වොන්ඩර්ස් ක්‍රීඩාංගනයේ දී මේ මස 12 – 16 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තුන්වන හා අවසාන පස්දින ටෙස්ට් තරගයේ දී පසුගිය දා ලත් පරාජයන් දෙක සම්පූර්ණයෙන් ම අමතක කර තෙවන ටෙස්ට් තරගයේ වැඩි ගෞරවයන් අත්කර ගැනීම අරමුණ විය යුතුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම පිළිබඳ ව සෑහිමකට පත්විය හැකි නමුදු තෙවැනි තරගයේ දී පිතිකරණයේ දී විශාල පෙරළියක් අත්‍යවශ්‍යය. මෙහි දී ඉදිරි පෙළ පිතිකරුවන් නිදැල්ලේ හැරිය යුතු පන්දුව අතර හැරීම ඉතාමත්ම වැදගත්ය. පළමුවන හා දෙවන ටෙස්ට් තරග දෙකේ දී ම ලංකා පිතිකරුවන් පෙන්වූයේ මේ දුර්වලතාවයයි. ශ්‍රි ලංකා සාර්ථකත්වයට මේ පිතිකරුවන් දීර්ඝ වේලවක් කඩුල්ලේ රැඳී සිටීම ද අත්‍යවශ්‍ය කරුණකි. මේ තරගය අඩුම තරමින් ජය පැරදුමකින් තොරව හෝ කෙළවර කර ගැනීමට ක්‍රියා කළ යුතු වේ.

දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ඇබට් විශ්‍රාම ගැනීමට අපේක්ෂා කරන හෙයින් ඩුඅනි ඔලිවර් ඔහු වෙනුවට කණ්ඩායමට එක්කර සිටී. තුන්වන ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකා කණ්ඩායමේ සහ ශ්‍රි ලංකාවේ වෙනස්කම් කිහිපයක් සිදුවෙතැයි අපේක්ෂිතය.
ශ්‍රි ලංකා කණ්ඩායමට මෙම අවසාන තරගයේ දස්කම් පෙන්වීමට නම් ශතක අර්ධ ශතක කිහිපයක් අත්‍යවශය වේ.

web link : www.srilankacricket.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top