Science

තෝමස් අල්වා එඩිසන් – මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය

Mina-ca.-1910-238x300

දිනක් පුංචි තෝමස් අල්වා එඩිසන් පාසලෙන් නිවසට ආ විගස කුඩා ලිපියක් මව අතට දී එය සිය ගුරුතුමිය අම්මාට පමණක් දෙන ලෙස කී බව කීවේය.

ලිපිය කියවූ මව දෑසෙහි නැගි කඳුලු පිසදා ගත්තීය. එය දුටු කුඩා එඩිසන් “මොකද්ද අම්මේ ටීචර් ලියලා තියෙන්නේ” කියා ඇසුවේය.

“පුතා ටීචර් ලියලා එවලා තියෙනවා මගේ පුතා ඉතාමත් බුද්ධිමත් කියලා. ඒ වගේම මේ පාසලේ පුතාට උගන්නන්නට තරම් දැනුමැති ගුරුවරුන් නැති නිසා ගෙදර තියාගෙන මට උගන්වන්නට කියා.” මව පැවසුවාය.

ඉන් බොහෝ කලකට පසු එඩිසන් ගේ ආදරණීය මෑණියන් මෙලොව අතහැර ගියාය. ඈ සතු දේ අස්පස් කරද්දී එඩිසන්ට බොහෝ පැරණි කුඩා ලිපියක් හමුවිය. එහි මෙසේ ලියැවී තිබුණි. ” ඔබේ දරුවා මානසික රෝගියෙකි, ඒ නිසා තවදුරටත් ඔහු මේ පාසලේ රඳවාගත නොහැක”

එය කියැවූ එඩිසන් බොහෝ වේලාවක් කඳුලු සැලුවේය. ඉන්පසු ඔහුගේ දින පොතේ මෙසේ ලීවේය.

“තෝමස් අල්වා එඩිසන් මානසික රෝගී දරුවෙකු විය. එද දිරිය මවකගේ වෑයමින් ඔහු අද සියවසෙහි ශ්‍රේෂ්ඨතම බුද්ධිමතාය.”

මේ අපූරු සටහන සියලුම දිරිය මවුනට උපහාරයක් වේවා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top