Sports

දකුණු අප්‍රිකානුවන් ඉස්සරහ සිංහයට වුනේ මෙහෙමයි (Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දින ඊයේ (27) නිමාවට පත්වුණා.

දිනය අවසන් වන විට පන්දුවට පහරදෙමින් හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු පළමු ඉනිම සදහා කඩුළු 7ක් දැවී ලකුණු 181ක් රැස්කර ගෙන සිටියා.

මේ වන විට නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා ලකුණු 43ක් රැස්කරගෙන සිටිනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉනිම සදහා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 286ක්.

දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ සුරංග ලක්මාල් කඩුළු 5ක් දවාගත්තා.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ වීඩියෝව පහතින් බලන්න…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top