Sports

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟය තීරණාත්මකයි (Video)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම South Africa v Sri Lanka අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් සහ තීරණාත්මක දිනය අදයි.

ඊයේ දිනය නිමා වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 130ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව අද දිනයේ මෙම තරගය ජයග්‍රහණය කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 377ක් රැස්කර ගත යුතු වනවා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් ඉතිරිව ඇත්තේ කඩුළු 6ක් පමණයි.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 392ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 110ක් පමණයි.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් ලකුණු 224ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි අභියෝගය ලකුණු 507ක්.

ඊයේ දිනයේ ලකුණු පුවරුව සහ වීඩියෝ පහතින් නරඹන්න….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top