Political

දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනපති ප්‍රධානත්වයෙන්

අද (17) පැවති දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ 92 වන විසිර යාමේ පෙළපාලිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

අද පෙරවරුවේ දියතලාව යුද හමුදා විද්‍යාපිඨය වෙත ගිය ජනාධිපතිතුමා එහි සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රීයන්ත සේනාරත්න මහතා විසින් මහත් ගෞරවයෙන් යුතුව පිළිගැනීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය.

මෙහිදී කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් 191 දෙනෙකු සාර්ථක යුද හමුදා පුහුණුවකින් පසු අධිකාරි නිල ලබා යුද හමුදා සේවයට එක්වනු ඇත.

පුහුණු කාලය තුළ විශිෂ්ඨ දක්ෂතා පෙන්වූ නිලධාරීන් සිව් දෙනෙකු වෙත සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කළ ජනාධිපතිතුමා, ඔවුන් දෙවන ලූතිනන් නිලයේ පිහිටුවමින් උරහිස් ලාංඡන පැළැදවීම ද සිදුකළේය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති මහේෂ් සේනානායක, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත සේනාරත්න මහත්වරුන් ඇතුඑ යුද හමුදා නිලධාරීන් රැසක් එක්විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top