Entertainment

“දෙවෙනි ඉනිම” ‘කූඹියෝ’ අහසට පොළොව වගේ (Photos)

දෙවෙනි ඉනිම උන්මාදයකින් හිටපු සමාජ මාධ්‍ය දැන් ‘කූඹියෝ’ උන්මාදයක් වෙලා. මොකක්ද දැන් ඇත්තටම ජනප්‍රිය?

අපි තාමත් ජනප්‍රියත්වයේ උඩින් ඉන්නවා. අපේ යූටියුබ් Views හාර ලක්‍ෂ හතළිස් දාහයි LMRB රේටින් බැලුවම මගේ දෙවෙනි ඉනිම නාට්‍ය 12.5යි. කූඹියෝ තියෙන්නේ 2.5යි. ලංකා ඉතිහාසයේ වැඩිම රේටින් තියෙන නාට්‍ය දෙවෙනි ඉනිම. කිසිම නාට්‍යයකට මේ තරම් සෙලිබි්‍රටි එකක් ඇති වෙලා නැහැ. දැනට අපේ නාට්‍යයට ගහන්න ‘කූඹියෝ’ තියා කිසිම නාට්‍යයකට බෑ. ‘කූඹියෝ’ විකල්ප ධාරාවේ නාට්‍යයක්. ඒක කරන්නේ මගේ යාළුවෝ. හැබැයි මගේ නාට්‍යයයි ඒ නාට්‍යයයි දෙකක්. කවුරු හරි ඒකද හිට් මේකද හිටි බලනවා නම් ඒක වැරැදියි. මේ දෙකම හිට්.

ඒ කියන්නේ ‘කූඹියෝ’ ආවට තාමත් දෙවෙනි ඉනිම පෙරමුණේ කියන එකද?

ඔව්. ඕල් හිට් එක තමයි දෙවෙනි ඉනිම. ‘කූඹියෝ’ විකාශය වුණාට අපේ ජනප්‍රියත්වය අඩු වුණේ නෑ. අපේ ජනප්‍රියත්වය වැඩි වුණා.

‘කූඹියෝ’ දෙවෙනි ඉනිමට අභියෝගයක් නොවෙයිද?

‘කූඹියෝ’ කියන්නේ විකල්ප කතාවක්. එක පිරිසකට පමණක් බලන්න පුළුවන් නාට්‍යයක්. දෙවෙනි ඉනිම කියන්නේ පොදු ධාරාවේ කතාවක්. මගේ නාට්‍ය මෙගා නාට්‍යයක්. ‘කූඹියෝ’ කියන්නේ සති අන්තයේ යන නාට්‍යයක්. ‘කූඹියෝ’ නාට්‍ය තව ටික දවසකින් විකාශය වෙලා නතර වෙනවා. ‘කූඹියෝ’ තාම Episode 200 කිහිපයයි ඇවිත් තියෙන්නේ. අපේ නාට්‍ය Episode 200ක් විකාශය වෙලා තියෙනවා. අපේ නාට්‍යයි ‘කූඹියෝ’ නාට්‍යයයි මනින්න බෑ.

දෙවෙනි ඉනිම විකාශය වෙන්න ගනිද්දිත් සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇතිවුණා. දැන් ‘කූඹියෝ’ නාට්‍ය ගැනත් ඒ කතා බහ ඇති වෙලා. දෙවෙනි ඉනිමට වඩා ‘කූඹියෝ’ හොඳයි කියන කථිකාවක් ඇතිවෙලා තියෙනවනේ?

ඩිජිටල් පරම්පරාව නාට්‍ය වැඩිපුර බලන්නේ යූටියුබ් එකේනේ. ‘කූඹියෝ’ නාට්‍යයට සතියකට පස්සේ බැලුවත් Views තියෙන්නේ ලක්‍ෂයයි. අපේ නාට්‍යයට නිතිපතා ලක්‍ෂ හතරකට වඩා Views තියෙනවා. අපේ රටේ මිනිස්සු මේන් ස්ක්‍රීන් එක හඳුනන්නෙත් නෑ. ටෙලිවිෂන් එක හඳුනන්නෙත් නෑ. චිත්‍රපට හදුනන්නෙත් නෑ. අපේ නිර්මාණකරුවන්ට වැරදුණේ ටෙලිවිෂන් එකට චිත්‍රපට කරලා. ටෙලිවිෂන් එක අවබෝධ කරගෙන හැමෝටම නරඹන්න පුළුවන් නාට්‍යයක් අපි හැදුවා. ඒක යථාර්ථවාදී නාට්‍යයක් නෙවෙයි. ඒක ලක්ෂ හතරකට වඩා බලද්දී කූඹියෝ බලන්නේ ලක්‍ෂයක් විතර පිරිසක්. ඒක තමයි වෙනස. එහෙම හොඳ නැත්තම් අපේ නාට්‍ය බලන එක අඩුවෙන්න ඕනෙනේ.

සමාජ මාධ්‍යවලින් කූඹියෝ ජනප්‍රිය වෙලා කියලා හොයා ගන්න බැරිද’?

සමාජ මාධ්‍යවලින් අප්ඩේට් කරන දේවල්වලින් අපිට මනින්න බෑනේ, ජනප්‍රියත්වය. ‘කූඹියෝ’ නාට්‍යයට වැඩිපුරම පෝස්ට් හදලා තියෙන්නේ ITN එකනේ. සමහර රසිකයොත් නාට්‍යයට පෝස්ට් හදනවා. ඒ පෝස්ට්වලින් ජනප්‍රියත්වය මනින්න බෑ.

‘කූඹියෝ’ ප්‍රේක්‍ෂකයෝ වැලඳ ගන්න හොඳ නාට්‍යයක් නොවෙයි කියලද කියන්නේ?

මම කියන්න හදන්නේ ‘කූඹියෝ’ කියන්නේ හොඳ නැති නාට්‍යයක් කියලා නෙවෙයි. උදේට හම්බවුණාම නාට්‍ය හොඳයි කියන එකෙන් නෙවෙයි ඒක බලන්න ඕන. නාට්‍ය බලනවද නැද්ද කියලා අපි හොයන්න ඕන. මිනිස්සු ටෙලි නාට්‍ය බලද්දී දෙවෙනි ඉනිමයි, කූඹියොයි තියෙන්නේ අහසට පොළොව වගේ තැනක. ඒ නිසා ‘කූඹියෝ’ නාට්‍යයට අපේ ජනප්‍රියත්වයට එන්න බෑ. ඒ නාට්‍යයේ ජනප්‍රිය ලක්‍ෂණ නැති නිසා. ඒක විකල්ප නාට්‍යයක්. ඒක මගේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍ය වගේ. ‘කූඹියෝ’ ඉතාම හොඳ සති අන්තයේම පෙන්විය යුතු නාට්‍යයක්.

‘කූඹියෝ’ දෙවෙනි ඉනිමට තරගයක් දෙන්න ආපු නාට්‍යයක් නෙමෙයිද?

ඒ නාට්‍ය අපේ නාට්‍ය එක්ක තරග කරන්න ඕනේ නම් දාන්න ඕන සති අන්තයේ නෙවෙයිනේ. තරග කරන්න නම් ඒ නාට්‍ය දිනපතා විකාශය කරන්න ඕනනේ.

අපේ නාට්‍යයට ඇටෑක් කරන්න පුළුවන් තරමේ නාට්‍යයක් පෙනෙන තෙක් මානයේ නෑ. එහෙම නාට්‍යයක් කවුරු හරි හදනවා නම් හොඳයි. දැනට නම් එහෙම තරගයක් දෙන්න නාට්‍යයක් පේන්න නැහැ. ‘කූඹියෝ’ අපේ නාට්‍යයට වඩා ජනප්‍රියයි කියලා කවුරු හරි කියනවා නම් නාට්‍ය බලනවා කියලා ඔප්පු වෙන්න ඕනෙනේ. යූටියුබ් Views ගත්තත් LMRB වාර්තාව ගත්තත් මගේ නාට්‍ය උඩින් තියෙනවා.

දෙවෙනි ඉනිම ජනප්‍රිය ගොන්නේ උඩ වැජඹෙනවා කියලා අධිමානයකින්ද ඉන්නේ?

අධිමානයක් නෙවෙයි. දැනට අපේ නාට්‍ය කොයිම නාට්‍යකටවත් ළඟා වෙන්න බැරි තැනක තියෙනවා. මගේ නාට්‍ය කොහොමත් උඩ තියෙන්නේ. ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයට වඩා මම ඉස්සරහින් ඉන්නවා. යූටියුබ් එකේ ලක්ෂ පහක් කියන්නේ ඉතිහාසගත වාර්තාවක්නේ. රේටින්වලත් මගේ නාට්‍ය 12.5යි. ‘කූඹියෝ’ රේටින් 2.5යි. ඉතිං ඒ ජනප්‍රියත්වය ගැන කතා කළ යුතු දෙයක්ම නෑනේ. ඒක තමයි ඇත්ත.

ජනප්‍රියත්වය වගේම හොඳම තත්ත්වය ගැනත් කථිකාවක් ඇති වෙනවා. ජනප්‍රිය නාට්‍ය දෙවෙනි ඉනිම වෙද්දී හොඳම නාට්‍ය වෙන්නේ මොකක්ද?

මගේ නාට්‍ය හොඳ නාට්‍යයක් නෙවෙයි. අපේ පරමාර්ථයම ජනප්‍රිය නාට්‍යයක් හදලා ආනන්දයෙන් මෙය ඉවර කිරීම. හොඳම නාට්‍යයක් හදන්න මේ කර්මාන්තය එහෙම ඉහළ මට්ටමක නැහැ. මට කොයිම වෙලාවකවත් ටෙලිවිෂන් එකේ සිනමාව පෙන්වන්න ඕන වුණේ නැහැ. මට ඕන වුණා ජනප්‍රියත්වය සහ කර්මාන්තය හදන්න. එහෙම දරපු එක උත්සාහයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

දෙවෙනි ඉනිම අඩුපාඩු රහිත නාට්‍යයක්ද?

අඩුපාඩු තියෙනවා. අඩුපාඩු අනිවාර්යයෙන් තියෙන්න ඕන. මොකද අපිට ලොකු ඉන්ඩස්ටි්‍ර එකක් නැති නිසා. වියදම් කරන්න සල්ලි නැති නිසා. එහෙම ප්‍රශ්න ටිකක් අපිට තියෙනවා. ‘කූඹියෝ’ නාට්‍යයේ වුණත් අඩුපාඩු තියෙනවා. නමුත් අපි අඩුපාඩු හදාගෙන ඉදිරියට යනවා. අපි ප්‍රේක්‍ෂකයන් පෙන්වන තාර්කික අඩුපාඩු හදාගන්නවා. අඩුපාඩු නැති නාට්‍යයක් හදන්න මම ලෝකයේ හොඳම අධ්‍යක්‍ෂවරයා නෙවෙයිනේ.

දෙවෙනි ඉනිමේ පෙන්වන සමහර දේවල් ප්‍රායෝගික තලයේ නෑ කියලා විවේචන තියෙනවා?

ඔව් ඒක වෙන්න පුළුවන්. නාට්‍යයක් කියන්නෙම ඇත්ත දෙයක් නෙවෙයි. නාට්‍යයක් ප්‍රේක්‍ෂකයාට වඩාත් විශ්වසනීය කරන්න පුළුවන් තත්ත්වයකට නිර්මාණය කරන්න මුදල් ගොඩක් වියදම් කරන්න ඕන. චැනල් අපිට ලොකු ගාණක් ගෙවන්නේ නෑ. අපිට හොඳට ගෙවනවා නම් අපිට හොඳට නිර්මාණ කරන්න පුළුවන්. අපේ ඉන්ඩස්ටී්‍ර එක තියෙන්නේ ළදරු අවධියේ. එකෙදී අපිට මහා නිර්මාණ කරන්න බෑ. අපි එක දෙක කරද්දී තව චැනල්වලින් අපිට දෙන ගාණ වැඩි කර ගන්න පුළුවන්. එතකොට අපිට මාර එකක් කරන්න පුළුවන්. ඒ මාර එක කරන්න තව කල් තියෙනවා. වඩා වැදගත් හොඳම එක හදන එක නෙමෙයි. මිනිස්සු බලන එක හදන එක. ඊට පස්සේ හොඳම එක හදන්න පුළුවන්.

හැබැයි ජනප්‍රිය දේවල් වුණත් හොඳම තැනට ගේන්න පුළුවන් නේද?

ඔව්. ඒක තමයි අපේ උත්සාහය. නමුත් ඒකට කලින් ඒකට වියදම් කරන්න සල්ලි තියෙන්න ඕනෙනේ. අපේ රටේනේ ඔය එක එක බෙදීම් තියෙන්නේ. ඉන්දියාවේ එහෙම නෑ. හොඳම එකයි ජනප්‍රිය එකයි, දෙකම එක නිර්මාණ වෙන අවස්ථා තියෙනවා. එයාලා ජනප්‍රිය දේ වුණත් හොඳට වියදම් කරලා කරනවා. දෙවෙනි ඉනිම අපේ ඉන්ඩස්ටි්‍ර එක වෙනස් කළා. කවුරු දැන් කෑ ගැහුවත් එයාලාගේ ටෙලි නාට්‍ය මොනවත් විකාශය කළේ නෑනේ. ‘කූඹියෝ’ වුණත් අවුරුදු හතරක් විතර වෙනවනේ හදලා. හැබැයි නාළිකාවක දාගන්න බැරි වුණානේ. හැබැයි නාට්‍ය දාන්න මම ඒ තැන හැදුවා. හින්දි නාට්‍ය දිගටම තිබ්බා නම් ‘කූඹියෝ’ නාට්‍යය විකාශය කරන්න හම්බවෙන්නේ නෑනේ.

ඕනම දෙයක් ඕනවට වඩා ඇදගෙන ගියොත් රහ නැති වෙනවා කියනවනේ. දෙවෙනි ඉනිමත් හිට් කියලා ඇදගෙන ඇදගෙන ගියොත් රහ නැති වෙයිද?

ඕක ගමේ ඉන්න අය කියන කියමනක්නේ. ලෝකයේ දිගට යන නාට්‍ය තියෙනවා. නාට්‍යවලදී දිගද නැද්ද කියන එක අදාළ නැහැ. හොඳද නැද්ද කියන එක තමයි අදාළ. මම ගිනි අවි සහ ගිනිකෙළි කළා කොටස් 278ක්. කොටස් අඩු වුණාට හොඳ නාට්‍යයක් වෙන්නේ නෑ. නාට්‍ය හොඳට කළොත් හොඳයි. අපේ තියෙන ප්‍රශ්නය අපේ මිනිස්සු නාට්‍ය හොඳට කළේ නැහැ. ටික කාලයක් ගියාම නාට්‍යයේ කොලිටිය අතහැරියා.

දෙවෙනි ඉනිමට ඒ කොලිටිය අතහැරෙන එකක් නැද්ද?

ලංකාවේ ප්‍රථම වතාවට මම 4ඬ වලින් ෂූට් කරනවා ඩ්ර්ධ් දාලා නාට්‍ය ෂූට් කරනවා. නවීනතම තාක්ෂණය මම පාවිච්චි කරනවා. ඒ වගේම සෙට්ස් ඔක්කොම මම අලුතෙන් හදලා තියෙනවා. ඒ වියදම දරන නිසා තමයි දෙවෙනි ඉනිම හොඳ වෙලා තියෙන්නේ. අපි ඒක අතහැරියොත් තමයි ඒක හොඳ වෙන්නේ නැත්තේ. අපි අභියෝග කරන්නේ ඉන්දියන් ටෙලි නාට්‍යවලට නම් ඒවාවල කොටස් 2500 ක් විතර තියෙනවා නම් අපේ නාට්‍ය දාහක්වත් ගියේ නැත්නම් මේ තත්ත්වය අපිට වෙනස් කරන්න බෑ.

කොටස් දාහක් යනකල් දැන් තියෙන රහ නාට්‍යයේ තියෙයිද?

ඒක තමයි අභියෝගය. අපි ඒක මේ පාර කරන්න සැලසුම් කරනවා. අපේ නාට්‍යයට තියෙන මඪඥඹඵ අඩු වුණොත් එතකොට අපේ නාට්‍ය ෆේල්. මඪඥඹඵ අඩු වුණොත් අපි නාට්‍ය නතර කරනවා.

දෙවෙනි ඉනිමේ රචකයා සමන් එදිරිමුණි නාට්‍යයෙන් ඉවත් වෙන්න යනවා කියන්නේ ඇත්තද?

නැහැ. එහෙම මුකුත් නැහැ. සමන් එදිරිමුණි තමයි නාට්‍ය ලියන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top