Sports

ධනංජය සිල්වා අසතුටෙන් (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මෑතකාලයේ බිහිවූ වටිනාම සම්පතක් ලෙස ධනංජය සිල්වා හැදින්විය හැක.ඔහුට පසුගිය ටෙස්ට් තරගයේදී අංක හත පිතිකරණ ස්ථානයේ සිට අංක හතර දක්වා උසස්වීමක් ලබා දී තිබු අතර අංක හත තරම් දක්ෂතා දැක්වීමට ඔහු එම තරගයේදී අසමත් විය.

තම පිතිකරණ ස්ථානය සහ තරගාවලිය සම්බන්දයෙන් cricinfo සමග පැවති සංවාදයකදී අදහස් දක්වා ඇති දනන්ජය තමන් වඩාත් කැමති අංක හත ස්ථානයට බවද පවසා ඇත.

“තුන්වන තරගයේදී අපිට වොන්ඩරස් පිටියේ සෙල්ලම් කරන්න වෙන්නේ,එක ටිකක් වේගවත් ඉපිලීම වැඩි තනතිල්ලක්,අපේ පිතිකරණ හැකියාව ටිකක් දියුණු කරගන්න වෙනවා,මන්දගාමී තණතීරු වල පුරුදු වෙලා එකපාර මේ වගේ තණතිලි වලට හැඩගැහෙන එක ලේසි නෑ.එත් මම හිතනවා අපිට මේ තනතිල්ලට හද ගැහෙන්න පුළුවන් වෙයි කියල.”

නිරන්තරයෙන් පන්දු යවන්නන් පාලනය කරමින් පහර දෙන දනන්ජය තම ටෙස්ට් ලකුණු ලබාගැනීම ආරම්භ කලේද ලකුණු හයකිනි,

“මම හිතන්නේ අපි ලොකුවට වෙනස් වෙන්න ඕන නෑ මෙහෙදී අපේ පාලනයක් තමයි ඕන,ලංකාවේ හරි සිම්බාබ්වේ වගේ පිට්ටනිය වටේම පහරවල් ගහන්න බෑ,දුර්වල පන්දුවක් එනකන් ඉවසන්න ඕන ලකුණු ගන්න නම්,අනිත් එක මෙහේදී කව්රු හරි ලොකු ඉනිමකට යන්න ආරම්භයක් ගත්තොත් අනිත් අය එයා වටා එකතු වෙලා පන්දු යවන්නන්ට සටනක් දෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණයකට කණ්ඩායම අරගෙන යන්න ඕන.”

මැද පෙළ පිතිකරුවකු ලෙස තරග හතකදී 60.60 ලකුණු සාමාන්‍යයක් රදවාගෙන යන ධනංජය මුල් පෙලට යොමු කිරීම ගැන එතරම් සතුටක් නැත,

“මම අංක හත පිතිකරු විදියට ආවම ගොඩක් වෙලාවට ඉනිම අවසන් කරන්නේ පන්දු යවන්නෝ එක්ක,එහෙම උනාම මම බලන්නේ ඉක්මනට පුළුවන් තරම් ලකුණු ටිකක් කණ්ඩායමට අරගෙන දෙන්න,හැබැයි අංක හතර ආවම මගේ පහරවල් වලට යන්න බෑ,එකෙන් මගේ ලකුණු ලබාගැනීමේ පහරවල් පාලනය වෙනවා.හැම වෙලේම ලොකු ඉනිමකට යන වගකීම තියනවා.මම නම් වඩා කැමති අංක හතට එත් කරන්න දෙයක් නෑ,දෙන දෙයක් කරන්න වෙනවා.”

ශ්‍රී ලංකාව අවසානයට සහභාගී වූ ටෙස්ට් තරගයේ උපුල් තරංග අංක හත පිතිකරු ලෙස යොදාගත්තද එය එතරම් සාර්ථක නැත,මේ නිසා දනංජයගේ වැඩි දක්ෂතා දැකිය හැකි ඔහු ස්ථාවර අංක හය හෝ හත ඔහුට ලබා දී තරංග මුල්පෙළ පිතිකරුවකු ලෙස යොදා ගැනීම වඩාත් සුදුසු වනු ඇත.

www.sportsline.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top