Entertainment

නර්මදා යාපා අබේවර්ධන මෙච්චර හැඩ උනේ කොහොමද (Photos)

විවාහක රූ රැජන කිරුළට හිමිකම් කියූ නර්මදා රවිහංසි තාමත් හුඟක් ලස්සනයි. නර්මදාට ආදරය කරන බොහෝ දෙනා ඇගේ ලස්සන වීමේ රහස ගැන පුදුමයෙන් කතා කරනවා. ඒ වගේම නර්මදා ලස්සන වුණේ කොහොමද කියලා හොයලා බලනවා. ඒ නිසාම නර්මදා ලස්සන වුණු හැටි අපි නර්මදාගෙන්ම ඇහුවා.

ටිකක් කාර්යබහුලයි

මේ දවස්වල බබා ඉස්කෝලෙ යනවනේ. මම වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ. මොකද දවසම ඉස්කෝලෙ ඉඳලා ගෙදර ආපු ගමන් බබා මාව හොයනවා. ඉතිං එයා එක්ක හැම වෙලාවෙම ඉන්න තමයි බලන්නේ. බත් කනවා අඩුයි සාමාන්‍ය දෛනික ව්‍යායාම ටික කරනවා. නමුත් මට නින්ද නම් ලැබෙනවා අඩුයි. බබෙක් ඉද්දි කොහොමත් නිදාගන්න වෙන්නෙ නෑනේ. හරියට පැය අටක් නිදා ගත්තු කාලයක් මතක නෑ. මම දවල්ට නම් කොහොමත් නිදියන්නේ නෑ. ඒ වගේම බත් කනවා හරිම අඩුයි. බත් කෑව ගමන් බඩ එනවා. මම කැරට් කන්න නම් සෑහෙන්න ආසයි. හාවා වගේ කැරට් කනවා.

පහසුව ගැන හිතලා ෆැෂන් කරනවා

මම එහෙම එක පැත්තකට කොටු වෙලා නැහැ. මට කරදර නැති මට පහසු ගැළපෙන ඇඳුම් මම අඳිනවා. තැනකට ගියාම අඳින ඇඳුම කරදරයක් වෙනවට මම කැමැති නැහැ. ඒ නිසා මගේ පහසුව ගැන හිතලා මම ෆැෂන් කරනවා. මට ඇඳුම් මහන්න බෑ. රෙදි කෑල්ලක් මූට්ටු කරන්නවත් බෑ. හැබැයි රෙදි අරගෙන මට ඕන ඩිසයින් එක හදලා කාටහරි කියලා මස්සවන්න පුළුවන්.

ගොඩක් අය මට ලස්සනයි කියනවා

පොදුවේ ගත්තම ගොඩක් අය මාව ලස්සනයි කියලා කියනවා. හුඟක් අය මගේ හිනාවට කැමැතියි. මම හිනාවෙද්දි සමහර වෙලාවට යාළුවෝ මගේ කම්මුල් මිරිකනවා. මම හිතන්නේ මගේ කම්මුල්වලට සමහර යාළුවෝ කැමැතියි. කොහොමත් මම හිනාවෙනකොට මගේ කම්මුල් දෙක බෝල වෙනවනේ.

සම ගැනත් සිතනවා

අව්වට ගිහින් ආවම නම් අනිවාර්යයෙන්ම කෝමාරිකා කෑල්ලක් ගානවා. කෝමාරිකා හරි සීතලයිනේ. හමටත් සෑහෙන්න හොඳයි. අව්වට පිච්චුනු හම ඉක්මනටම අයින් වෙනවා. අපේ ගෙදර ගේ පිටිපස්සේ මම සෑහෙන්න කෝමාරිකා වවල තියෙන්නේ. තව අව්වට ගිහිල්ලා ආවම යෝගට් ටිකක් වුණත් ගාන්න පුළුවන්.

කිරි නම් බොන්නේම නෑ

මම පොඩි කාලේ ඉඳලම කිරි බොන්න කැමැති නැහැ. උදේම නැඟිටපු ගමන්ම උණුවතුර වීදුරුවකට දෙහි ගෙඩි භාගයක යුෂ දාලා බොනවා. බර අඩුකරගන්න වගේම දවසම ඇඟට අවශ්‍ය ශක්තිය ලබාගන්න ඒක හොඳයි. ඊට පස්සේ වර්ක් අවුට් ටික කරනවා.

සෑහෙන්න වතුර බොනවා

ඔව්. මම දැන්නම් සෑහෙන්න වතුර බොනවා. මගේ එක කාලයක් තිබුණා මම වතුර බිව්වෙම නෑ. පස්සේ වතුර බොන්න ඕනම නිසා වතුර ලොකු බෝතලයක් ළඟ තියාගෙන වතුර බොන්න පුරුදු වුණා. දැන් නම් සෑහෙන්න වතුර බොනවා.
කොළ කැඳ බොනවා
මම කොළ කැඳ බොන්න හරිම ආසයි. අපේ ගෙදර මගේ උදව්වට ඉන්න කෙනාට රසම රසට කොළ කැඳ හදන්න පුළුවන්. අපි සතියට තුන් හතර වතාවක් ගෙදර කොළ කැඳ හදනවා. ඊට අමතරව මම නිතරම වැඩපුර පලතුරු කන්න කැමැතියි.

මට රසට උයන්න පුළුවන්

ඔව්. දැන් ඉතිං අවුරුදු හතරක් විතරම උයනවනේ. ඒ නිසා රසට උයන්න පුළුවන්. හැබැයි බඳින්න කලින් නම් මොනවත්ම බෑ. ගෙදර ඉන්න කාලේ කිසිම දෙයක් කළේ නෑ. නමුත් දැන්නම් රසට උයනවා. ජනකත් මම උයන කෑම කන්න හරිම ආසයි.

උයලා ඉවර වුනාම දෑතට සත්කාර කරනවා

මස්,මාළු වගේ දේවල් හදද්දි කහ, මිරිස්, තුනපහ හැන්දකින් දාලා වැඩක් නෑනේ. හොඳට රසට පදමට එන්න නම් අතින් අනන්නම වෙනවා. ඒ වගේ වෙලාවට කෑම හදලා ඉවර වෙලා අත් සෝදලා, දෙහි භාගෙයකින් හොඳට නියපොතු අත් එහෙම පිරිසුදු කළාම ඇති. ඊට පස්සේ මතක් කරලා අත්වල තෙතමාත්තු කරලා මොයිෂ්චරයිසින් ටිකක් ගානවා.

අමාරුවෙන් ඇඟ හැඩ කරගත්තා

මාව දැක්කාම කවුරුත් කියන්නේ නෑ මට බබෙක් ඉන්නවා කියලා. මම අවුරුදු දෙකහමාරම පුතාට කිරි දුන්නා. ඒ කාලේ හොඳ පෝෂණීය කෑමත් කෑවා.
එහෙම කෙනෙකුට ටිකක් ඇඟ හදාගන්න අමාරුයි. ඒත් මම අමාරුවෙන් මගේ ඇඟ හොඳට හදාගත්තා. තාම ටිකක් මහතයි. ඒත් හුඟක් අය මට බබෙක් ඉන්නවා කිව්වට පිළිගන්නෙත් නැති තරමට මම පරණ හිටපු තත්ත්වෙටම මගේ ඇඟ හදාගත්තා.

හංසි ආටිගල – www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top