Sports

නවක මුහුණක් සමග තවත් වෙනස්කම් දෙකක්.. චන්දිට, මෙන්ඩිස්ට ස්ථානය අහිමිවෙයිද? ශ්‍රී ලංකාව අවසන් තුරුම්පුවත් ගසයි..! (Photos)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතර තෙවන එක්දින තරඟය අද අාරම්භ වීමට නියමිතව තිබේ.

පැවති තරඟ දෙකම ජය ගනිමින් පාකිස්ථානු කණ්ඩායම මේ වන විටත් තරඟාවලියේ ඉදිරියෙන් සිටින අතර අද තරඟය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්ය වී තිබේ.

කණ්ඩායමේ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයන් හයදෙනාගෙන් බලාපොරොත්තු වන දේවල් ඉටු නොවීම මෙම පරාජයන්ට ප්‍රධාන හේතුව බව දෙවන තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පැවසීය.

අබුඩාබි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්ද සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.

බොහෝ විට සීක්කුගේ ප්‍රසන්න සහ චාමර කපුගෙදර අද තරඟය ක්‍රීඩා කරනු ඇතැයි දැනගන්නට ඇති අතර, කණ්ඩායමට කැඳවූ නවක පිතිකරු සදීර සමරවික්‍රමද අද තරඟය ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් ඇතැයි දැනගන්නට ලැබේ..

මේ වන විට දිගින් දිගටම අසාර්ථක වී සිටින කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල්ගේ ස්ථානයන් පිළිබඳවද අවිනිශ්චිත තත්වයක් උදාවී ඇති බවද දැනගන්නට ලැබේ

කෙසේ වෙතත් මේ වසරේදී සහභාගි වූ එක්‌දින තරග 23 කදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග හතරක්‌ පමණි. තරග 18 ක්‌ පරාජය වී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග නවයක්‌ම පිට පිටම පරාජයට පත්විය. එබැවින් ශ්‍රී ලංකාව තරගාවලි පරාජය මෙන්ම පිට පිටම දහවැනි පරාජයෙන්ද ගැලවීමේ මෙහෙයුමක නිරතවීමට සිදුව තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top