Local

නාවික හමුදාපති ධුරය ඇමරිකාවේ සින්නයියට විතරද..? ලංකාවේ දිවිපරදුවට තැබූ වෙනත් විරුවන්ට උරුම නැද්ද..?

ට්‍රැවිස් සින්නයියාගේ ඉතිහාසය සලකා බලන විට ඔහු ලංකාවේ හිටපු හොඳ නාවුක නිලධාරියෙකි. යුද්ධය අවසන් වීමෙන් පසු පැවැත්වුණු මහා මැතිවරණයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කරට කර තරඟ වැදීමේ අරමුණින් විපක්ෂයෙන් ඉදිරිපත් වන නියෝජිතයා වුයේ සරත් ෆොන්සේකාය. කෙසේ නමුත් මැතිවරණය අවසානයේ ජය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවත්ම එවකට සරත් ෆොන්සේකා මහතාට පක්ෂව කටයුතු කළා යැයි සැක කරන මේජර්වරු 26 ක් ඔවුන්ගේ නිලයෙන් පහ කරන ලදී.

මෙය සැලවූ ට්‍රැවිස් සින්නයියා ඔහුගේ එම දූරය අතහැර ඇමරිකාවට යන්නේ රාජපක්ෂවරුන් ඔහුටද කුමක් හෝ කරයි යන බියෙන් එසේත් නොමැති නම් ඇමරිකානු රජයෙන් ලැබෙන ආරාධනවා මත විය යුතුයි. මෙසේ ඇමරිකාවට යන මොහුට එහිදී ඇමරිකාවේ පුරවැසිභාවය සමග ඇමරිකාවේ තානාපති කාර්‍යාලයයේ රැකියාව හිමිවෙයෝ. එතන පුරා වසර දෙකක කාලයක් වැඩ කරන ට්‍රැවිස් සින්නයියාගේ එතනින් නික්ම ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ට්‍රැවිස් සින්නයියාගේ මෙවර තම රැකියාව ලෙස තෝරාගන්නේ ඕස්ට්‍රේලියාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයයි. පුරා වසර 4 ක කාලයක් එහි සේවය කරන ට්‍රැවිස් සින්නයියා සියලු සැප සම්පත් වලින් යුතුව සුඛෝපභෝගී ජිවිතයක් ගෙන යන්නේ ඩොලර් 20,000 ක මාසික පඩියකින්ද යුක්තව. එනම් ශ්‍රී ලංකා මුදලින් ඔහුගේ මාසික පඩිය වනුයේ රුපියල් 3,069,000 කි.

පසුව වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු, නාවික හමුදාපති පුරප්පාඩුවට ට්‍රැවිස් සින්නයියාට ලබාදෙන්න ඔහුගේ ඉල්ලීම මත හා ඔහුට රාජපක්ෂ සමයේ අසාදාරනයක් වුවා දැයි සැකයක් තිබු නිසාවෙනි.

අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා එනම් හිටපු නාවික හමුදාපතිගේ නිල කාලය මාස දෙකකට පමණක් සීමා කෙරුණේ ඔහුට පසුව සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටත් එම පදවියේ කටයුතු කිරීම සඳහා අවස්ථාවක් දීමටය.

2017 අගෝස්‌තු 22 දින නාවික හමුදාපති පදවියට පත් කෙරුණු සින්නයියා, ඔක්තෝබර් 25 වැනිදා ඔහුට එම පදවියෙන් විශාම යයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ කෙටිම කාලයක් පදවිය දැරූ නාවික හමුදපතිවරයා ලෙස ඉතිහාසයට එක් විය. එසේම ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාපති පදවියට පත් දෙවෙනි දමිළ ජාතිකයා ද වේ.

ඔහුට හිමිවූ මෙම මාස දෙකක කාලයක් තුල ට්‍රැවිස් සින්නයියා පසුගිය සමයේ නාවුක හමුදාවේ අතුරුදහන් වූ සෙබළුන් හය දෙනෙකු ගැන පරීක්ෂණ පවත් වයි. තවද යුද සමයේදී නාවික හමුදාවේ බටයින් ධිවරයින් ලෙස කටයුතු කරමින් මුහුදු යන්නේ ත්‍රස්තාවාදීන්ගේ ඔත්තු ලබාගැනීමේ අරමුණින් හා LTTE යට සහය දක්වන එනම් මුහුදු මාර්ග ඔස්සේ LTTE යට උදව් කරන සැකකාරයින් සොයාගනිමටයි. එසේ සොයාගත් සැකකාර එනම් lTTE යට උදව් කරපු ධිවරයින් කිහිප දෙනෙක්ම නාවික හමුදාවේ දිවරයින් ලෙස කටයුතු කල සෙබළුන් අතරින් ඝහතනය වූ අතර ට්‍රැවිස් සින්නයියා මේ පිළිබඳවද ඔහුගේ මාස දෙකක දූර කාලය තුල පරිස්ක්ෂණ පවත්වයි.

දෙමල ජාතිකයකු වන ට්‍රැවිස් සින්නයියා ඔහුගේ මාස දෙකේ නාවුක හමුදාපති දූර කාලය තුල අපේ හමුදාව කල මේ විරෝධාර බුද්ධි අංශ මෙහෙයුම් ගැන සොයා බැලුවේ ඇයි ?

ට්‍රැවිස් සින්නයියාගේ මීළඟ අරමුණ වී ඇත්තේ එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදාවේ ඉහලම තනතුරට යාමටය. එසේ නම් ට්‍රැවිස් සින්නයියා මෙලස නාවුක හමුදාව සිදුවූ බුද්ධි අංශ මෙහෙයුම් ගැන සොයා බලන්නේ ඔහුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ඉහල තනතුරට යාමට බාධාවක් ඇති වුවත්, එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව පසුගිය යුධ සමයේ යුධ අපාරද කළා යැයි දිගින් දිගටම පවසන සමයක, තමන් මේ ගැන සොයා බැලුවා යැයි පෙන්වීමටද ?

ඔබට මතක ඇති ශ්‍රී ලාංකීය කාන්තාවක් වන ජයත්මා වික්‍රමනායක එක්සත් ජාතික සංවිධානයේ තරුණ කටයුතු නියෝජිතයවරියෙකු ලෙස කටයුතු කරන අවස්ථාවේ ඉහල පෙලේ රටවල් කිහිපයක් විසින් ඇයට බලපෑම් කලේ, ජයත්මා වික්‍රමනායකගේ ස්වාමි පුරෂයා නාවුක හමුදාවේ ඉහල තනතුරක් හොබවන බවත්, ශ්‍රී ලංකාව යනු යුධ අපරාධ කල රටක් ලෙසත්, එම නිසා ඇයට මෙම තනතුර ලබාදිය නොහැකි බවත්ය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය එය ප්‍රතික්ෂේප කර ඇයට එම තනතුර දිගටම ලබා දෙයි.

ට්‍රැවිස් සින්නයියා මෙම සිද්ධිය පිලිබඳ හොඳ අකාරවම දන්නා බැවින් ඔහු විසින් එක්සත් ජාතික සාම සාධක හමුදාවේ ඉහල තනතුරට අයදුම් කිරීමට නියමිතව සිටින්නේ ඔහුට ජයත්මා වික්‍රමනායකට මෙන්ම සැහැල්ලුවක් එක්සත් ජාතික සංවිධානයෙන් ලැබෙයි යන අටියෙන් සහ, කුමක් හෝ බාධකයක් පැමිණිය හොත්, අපේ රට පාවාදී, අපේ රටේ සිදුවූ යුධ අපරාද පිළිබඳව ඔහු සොයා බැලුවා යැයි එක්සත් ජාතික සංවිධානයට ඔහු මාස දෙකක දුරකාලය තුල අපෙගේ හමුදාව කල බුද්ධි අංශ මෙහෙයුම් වල විමර්ශන පත්‍රිකා ඔවුන් වෙත ඉදිරිපත් කර තම තනතුර කෙසේ හෝ ලබා ගැනීමටය.

මේ සඳහා ට්‍රැවිස් සින්නයියාට සහය දැක්වීමට එංගලන්තයේ සිටින LTTE හිතවාදී ඩයස්පෝරා කිහිපයක් ඉදිරියට පැමිණ ඇති අතර, ඔවුන් විසින් ඩොලර් දහස් ගානක් වියදම් කර ඔහුගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මහත් කාර්ය භාරයක් කරන අතර, ලංකාවේ පිහිටි විවිධ වෙබ් අඩවි කිහිපයකටද අධික ලෙස මුදල් ලබාදී පුවත් පල කරගන්නා ආකාරයක් මේ දවල් වල දැකගැනීමට හැකිවේ.

ට්‍රැවිස් සින්නයියා අප රටේ හිටපු හොඳ නාවුක හැමදා නිලධාරියෙක් වුවත් ඔහුගේ ඉදිරි ගමන ගැන නම් සැහීමකට පත්විය නොහැක්කේ, කෙතරම් රටට් සේවය කල පුද්ගලයකු වුවත්, රටේ පාවාදී තම ගමන යාමට සැර සෙන නිසාවෙනි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top