Educational

නිරන්තරයෙන් පොතපත කියවීමෙන් ලැබුණු දැනුමෙන් ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්වුණා (UPDATE)

නිරන්තරයෙන් පොතපත කියවීමෙන් ලද දැනුම ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ප්‍රතිඵලය ලබාගැනීමට තමන්ට ඉවහල් වූ බව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් පවසනවා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව පළමු ස්ථානයට පත් වූ දිනුක ක්‍රිෂාන් ලැබූ ලකුණු සංඛ්‍යාව 198 ක්.

සිය ජයග්‍රහණයෙන් පසු දිනුක ක්‍රිෂාන් සිසුවා කියා සිටියේ තමන්ගේ සිහිනය සැබෑවක් වූ බවයි. තමාගේ දෙමාපියන්, පන්තිභාර ගුරුවරයා මෙන්ම විදුහල්පතිවරයා ද තමාට ශිෂ්‍යත්ව විභාගය සමත්වීම අත දුන් බවයි එම සිසුවා සඳහන් කළේ.

ඉදිරියේදී විභාගයට මුහුණදීමට සිටින සහෝදර සිසු සිසුවියන්ට දිනුක කි්‍රෂාන් සිසුවා ලබාදුන්නේ මෙවන් පණිවිඩයක්.

මෙම ජයග්‍රහණයේ සතුට සහ ඒ වෙනුවෙන් තම පුත්‍රයා කැප වූ ආකාරය දිනුක ක්‍රිෂාන්ගේ මව වන ක්‍රිෂාන්ති ශිරෝමාලා නෙත් නිවුස් අදහස් දක්වා සිටියා.

ඇය පැවසුවේ තම දරුවා බාහිර ක්‍රියාකාරකම් වල නිරත වූ අතර අධ්‍යාපන කටයුතුවලට මූලීක වී කටයුතු කළ බවයි. තම දරුවා දිවයිනේ 10 අතරට හෝ පැමිණෙනු ඇති බව තමන් අපේක්ෂාවෙන් සිටි බවද ඇය කියා සිටියා. කුඩා කල සිට ක්‍රිෂාන්ත දරුවා අධ්‍යාපනය සමබන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වු බවත් ඔහුගේ මව නෙත් නිව්ස් වෙත කියා සිටියා.

දිනුක ක්‍රිෂාන්ගේ ජයග්‍රහණයට මග පෙන්වූ පාසලේ පංති භාර ගුරුවරයා වූ පාලිත වනිගසිංහ ද නෙත් නිවුස් සමග මෙලෙස අදහස් පළ කළා.

තම පන්ති කාමරයේ සිටි දරුවන් අතරෙන් ක්‍රිෂාන්ත දරුවා අධ්‍යාපනය සඳහා කැපවූ දරුවෙක් බවයි ඔහුගේ ගුරුවරයා පැවසුවේ. දරුවාට අවශ්‍ය මග පෙන්වීම තමන් විසින් නිසි ආකාරයෙන් පෙන්වා දුන් බව ක්‍රිෂාන්ත දරුවාගේ ගුරුවරයා වැඩිදුරටත් කියා සිටියා.

ලකුණු 197 බැගින් ලැබූ දෙවන ස්ථාන දෙකක්ද ප්‍රතිඵල සටහනේ සදහන්. ගණේමුල්ල, වැලිපිල්ලෑව කණිෂ්ඨ විද්‍යාලයේ ඉදුමිනී ජයරත්න හා තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයේ සංජන නයනජිත් තෙන්නකෝන් එම සිසුන් දෙදෙනායි. 3 වන ස්ථානය ලකුණු 196 ක් ලැබූ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහස් ධර්මරත්න සිසුවාට හිමිව තිඛෙනවා. දිවයිනේ විශිෂ්ඨතම ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ ලේඛණයේ සිව්වන ස්ථාන 12 ක් ඇතුළත්. ඔවුන්ගේ සම්පූර්ණ නාමලේඛණය බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුළත්. එම සිසු සිසුවියන් කුලියාපිටිය, පූගොඩ, නාක්කාවත්ත, දෙල්ගොඩ, දිවුලපිටිය, මීගහතැන්න, ඕමල්පෙ, බලංගොඩ, මාපාකඩවැව සහ උහන යන ප්‍රදේශවල පාසල්වලට අයත්.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල ඊයේ (04) රාත්‍රියේ නිකුත් කළා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donest.lk වෙත පිවිස ප්‍රතිපල ලබාගත හැකියි.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද (05) සහ හෙට (06) දිනවල පැමිණ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කර හැරීමට නියමිතයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුද මේ වනවිට නිකුත් වී අවසන්.

———————————-

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය මීගමුවට (05-10-2017 05:10)

විභාග දෙපාර්ත්තමේන්තුව විසින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා හිමි කරගෙන ඇති බවයි විභාග දෙපාර්තමේනතුව පවසන්නේ. එම සිසුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198ක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 2 වන ස්ථාන 2ක් සිසුන් දෙදෙනෙක් විසින් හිමි කරගෙන තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම් .ඒ.එම්. ඉඳුමිණි ජයරත්න සිසුවිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ටී.එම්.සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවා විසින්. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 197ක්.

දිවයියේ 3 වන ස්ථානය ලබා ගැනීමට ඩී.ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවා සමත්ව සිටිනවා.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එම සිසුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාය 196ක්.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගැනීමට හැකියාව පවතිනවා.

විභාග ප්‍රතිඵල මෙතැනින් බලන්න

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද (05) සහ හෙට (06) දිනවල පැමිණ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කර හැරීමට නියමිතයි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල හා දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණුද මේ වනවිට නිකුත් වී අවසන්.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කෑගල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 164 ක්.

හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ 162 ක් වනවා. 161 වව්නියාව දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණයි.

පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල හා මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 160 යි. අම්පාර දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ 159 ක් වනවා. ත්‍රිකුණාමලය, මොණරාගල, නුවරඑළිය හා මන්නාරම යන දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණු 158 ක්.

මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක‍ෂාවක් අවශ්‍ය නම් ඔක්තෝම්බර් 20 වනදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට යොමු කිරීමටද නියමිතයි. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් වෙතොත්

1911

0112784208

0112784537

0113188350

0113140314

යන අංකවලින් තොරතුරු ලබා ගැනීමටද පහසුකම් සලසා තිබෙනවා.

ඉකුත් අගෝස්තු 20 වනදා පැවති ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක‍ෂ පනස් දහස් හාරසිය හැට දෙකක් පෙනී සිටියා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top