Political

නි. ඇමති රන්ජන් 2500 පැමිණීමේ දීමනාව හා අමතරව මාසික රු.ලක්ෂයේ කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කරයි..!

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රුපියල් ලක්ෂයක වෙනම දීමනාවක් ගෙවීමට සහ පාර්ලිමේන්තු රැස්වීම්වලට පැමිණිමේ දීමනාව ද දිනකට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන ආ යෝජනාවට 225ක් වූ සියලුම මන්ත්‍රිවරුන් එකඟතාවය ඇතිව සම්මත කර ගනු ලැබුවා.

මෙම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙමුණ විරුද්ධ යැයි සඳහන් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවත්, ඔවුන්ද මෙම යෝජනාව සඳහා එක පයින් අත් උස්සා සිය එකඟතාවය ප්‍රකාශ කොට තිබෙනවා.
” මෙම යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙමුණ විරුද්ධ යැයි සඳහන් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවත්, ඔවුන්ද මෙම යෝජනාව සඳහා එක පයින් අත් උස්සා සිය එකඟතාවය ප්‍රකාශ කොට තිබෙනවා.
ජනතාවට බොරු බේගල් ඇඳදමමින් ජනතාවගේ රිරී මාංශය හූරා කමින් ගෙන යන මෙවැනි අයුක්ති සහගත ක්‍රියාවන්ට යහපාලන ආණ්ඩුව, ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව ක්‍රියා කරන බවයි පෙනී යන්නේ. මෙවැනි අයුක්ති සහගත ක්‍රියාවන්ට එරෙහිවීමට කොන්දක් තිබෙන කිසිඳු මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් නොවූ අතර, මාධ්‍යද මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලබනවා.

මේ අතර කවදත් ජනතාව අතර සිටිමින් ජනතාව ගැන හිතනා මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින්

“අපි කොටි නව ලක්ෂයක් ණය වෙලා ..ඉපදෙන දරුවෙක් ලක්ෂ 5 ක ලෝක බැංකුවට ණය වෙලා ..මට මේ දීමනාව එපා … අපිත් බඩේ පටි තද කරගෙන ජනතාවට පූර්වාදර්ශයක් වෙමු”
යනුවෙන් සඳහන් කරමින් 2500 පැමිණීමේ දීමනාව හා අමතරව මාසික රු 100,000 කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහුට මේ පිළිබඳව දිගින් දිගටම අවලාද සහ අපහාස පැමිණුනත් ජනතාව වෙනුවෙන් ඔහු ගෙන තිබෙන මෙම ක්‍රියාමාර්ගයට අපේ රටම ඔහු ශක්තිමත් කිරීමට මෙන්ම ඔහු වෙනුවෙන් පෙනී සිටීමට නිරතුරු පෙනි සිටිනව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top