Entertainment

‘‘පද්මාවතී‘‘ තහණම් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ.. ඒක කරන්න ඕන රැඟුම් පාලක මණ්ඩලය. ආන්දෝලනාත්ම චිත්‍රපටයේ සැඟවුන කතාව මෙන්න. (VIDEO)

ලෝකය පුරාම කතාබහට ලක්වුන පද්මාවතී බොලිවුඩ් චිත්‍රපටය පිළිබඳ ලංකාවේද වැඩි අවධානයක් යොමු වුනේ මෙම චිත්‍රපටයේ පද්මාවතී ලෙස රංගනයෙන් දායකවන දීපිකා පදුකෝන්ගේ හිස ගසා දමන කෙනෙකුට ඉන්දීය කෝටි රුපියල් 100 ක් ලබා දෙන බවට පලවූ පුවතත් සමගයි.

පද්මාවතී චිත්‍රපටයට පාදක වන්නේ රාණි පද්මාවතී නැමැති හින්දු රැජිනකගේ කතාවක්. සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය ඉන්දීය ඉතිහාසය විකෘත්ති කල බවට චෝදනා කරමින් එම චිත්‍රපටය තහණම් කරන ලෙස ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක ඇමතිවරුන් එරට අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මෙම චිත්‍රපටයට අනුව පද්මාවතී රැජින ඇයගේ රාජධානිය ආක්‍රමණයට පැමිණෙන මුස්ලිම් පාලකයෙකු සමඟ පෙම් සබඳතාවයක් ආරම්භ කරනවා.මේ හේතුව නිසා පද්මාවතී චිත්‍රපටය සම්බන්ධයෙන් හින්දු ජාතිකවාදීන්ගෙන්ද දැඩි විරෝධයක් එල්ල වනවා. ඒ අනුව ඔවුන් පවසන්නේ මෙය ඉන්දියාවේ ඉතිහාසය විකෘත්ති කිරීමක් බවටයි.

කෙසේ වෙතත් මෙම චිත්‍රපටය තහණම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවසා ඇත්තේ චිත්‍රපටය තහණම් කිරීමට හෝ නොකිරීමට බලය ඇත්තේ රැඟුම්පාලක මණ්ඩලයට බවයි.

පද්මාවතී චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top