Sports

පන්දු යවන්නන් 04කට මාරු වෙයි?..තුන්ඉරියව් ක්‍රිඩකයින් ගැන වැඩි අවධානයක්.. කණ්ඩායම ගැන ඉගියක් දෙමින් චන්දිමාල් කියු කතාව මෙන්න (Photos)

2009 වර්ෂයෙන් පසු එනම් වසර 08කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සදහා මේ වන ඉන්දියාවට පිටත්ව ගොස් ඇති අතර වසර 35ක ට වඩා පැරණි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කථාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකා අතර ඉන්දියාවේදී පැවැති තරග 17කින් කිසිදු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත් වී නොමැත.

අවසන් වරට 2009 වර්ෂයේදී ඉන්දියාවේදී සහභාගී වු තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයගැනිමට ඉන්දියාව සමත් වු අතර එම කණ්ඩායමේ සිටි ක්‍රිඩකයින්ගේ මෙවර සංචිතයේ ක්‍රිඩාකරන්නේ ඇන්ජලෝ මැතිව්ස් හා රංගන හේරත් පමණි .

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දියානු කන්ඩායම හමුවේ තරගාවලිය 9-0ක් ලෙස දරුණු පරාජයකට ලක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඉන්පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පාකිස්තානු කන්ඩායමට එරෙහිව ටෙස්ට් තරග දෙකම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කන්ඩායම සීමිත පන්දුවාර 08ක් පිට පිටම පරාජයට පත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා පුහුණුකරු පොතාස් පවසා සිටියේ ඉන්දියාවේ ශක්තින් දෙස අවධානය යොමු නොකර ශ්‍රී ලංකාවේ තරග සැලසුමට අවධානය යොමු කිරීම අවශ්‍ය බවත්ය.

ඔවුන් විශිෂ්ට කන්ඩායමක් කියල අපි දන්නවා අපි ඉන්දියාවත් එක්ක මීට මාසකට කලින් ක්‍රිඩා කළා.අපේ ශක්තීන් හා අපගේ සැලසුම් ගැන පමණක් අවධානය යොමු කළ යුතු අතර ඒවා සර්ථකව කළ හැකි නම් ඔවුන්ට අභියෝගාත්මක තරගයක් ලබා දිය හැකියි.

පාකිස්තානු කණ්ඩායම එක්ක තිබුණු ටෙස්ට් තරගාවලිය සම්පුර්ණයෙන්ම වෙනස් තරගවලියක්.මිස්බා හා යුනිස් නැතුව ක්‍රීඩා කරපු නිසා අපිට ටිකක් ලේසි වුනා.ඒත් ඉන්දියානු කන්ඩායම ගොඩක් හොද ස්ථාවර කන්ඩායමක්..විශේෂයෙන්ම තරගාවලිය ඉන්දියාව තියන නිසා ඒක අසීරු අභියෝගයක්.පසුගිය අවුරුදු කිහිපය තුලම ගොඩක් කණ්ඩයම් ඉන්දියාවට ඇවිල්ල ජයගත් අවස්ථා අඩුයි..කණ්ඩායමක් විදිහට අපි සැලසුමක් සහිතව තරගයට එන්නේ. ඒවා අපි ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාවට නැංවිය යුතුයි. එතකොට අපිට පුළුවන් ඉන්දියානු කණ්ඩායමට හොඳ තරගයක් ලබා දෙන්න…යැයි පොතාස් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඉන්දියාවේදී ක්‍රිඩාකරන පළමු ටෙස්ට් තරගවලිය මෙය වන අතර මාධ්‍ය හමුවේදී චන්දිමාල් පවසා සිටියේ කණ්ඩායමේ ක්‍රීඩකයින් හොදින් පුහුණුවීම් වල නිරත වන බවත් ඉන්දියානු කන්ඩායමේ සිටින විශිෂ්ට පන්දුයවන්නන් දෙදෙනකු වන රවීචන්ද‍්‍රන් අශ්වින් හා රවීන්ද‍්‍ර ජඩේජාට විසින් එල්ල කරන තර්ජන වලට මුහුණ දීමට සැලසුම් සකස් කර ඇති බවයි.

”අපි හැමෝම දන්නවා මේ වන විට සිටින අංක එකේ කණ්ඩායම තමයි ඉන්දියාව. පසුගිය අවුරුදු 2ක වගේ කාලය තුළ ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. කෙසේ වුනත් අපි පාකිස්තානය සමඟ ඉතා හොඳින් ක්‍රීඩා කළා. කණ්ඩායමක් විදිහට අපි ඉහළ දක්‍ෂතා අතර සිටියා. ඒ නිසා මට විශ්වාසයි අපේ ක්‍රීඩකයෝ ඉදිරි තරගාවලියේ අභියෝගය බාරගන්න සූදානමෙන් ඉන්නේ කියලා.”

”මේක මගේ පළමු ඉන්දීය සංචාරය. ඇන්ජෙලෝ මැතිව්ස් සහ රංගන හේරත් හැර කණ්ඩායමේ අනිත් හැමෝගෙම පළමු ඉන්දියානු සංචාරය තමයි මේක. ඒ නිසා මේක අපි හැමෝටම හොඳ අභියෝගයක්.අපි ගොඩක් මහන්සිවෙලා පුහුණුවීම් කලා..මෙම තරගාවලියේදී අලුත් මුහුණු කිහිපයක් දැකගන්න පුලුවන් වෙයි දසුන් ශානක ,ධනංජය ද සිල්වා , රෝෂේන් සිල්වා ඒ වගේම සධීර සමරවික‍්‍රම.මට ගොඩක් විශ්වාසයි මේ අය මේ තරගවලිය ගොඩක් හොදට ක‍්‍රිඩා කරයි කියල..”
“පාකිස්තානය සමඟ තරගාවලියේ දී අපි ක්‍රීඩා කළේ පිතිකරුවන් 6 දෙනෙකුගෙන් සහ පන්දු යවන්නන් 5 දෙනෙකුගෙන්. විශේෂයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති දැඩි උණුසුම හමුවේ ඒකෙන් අපිට සාර්ථක ප්‍රතිඵල ලැබුණා..පන්දු යවන්නන් 4 දෙනෙකුගෙන් ක්‍රීඩා කරලා තරගයක් ජයග්‍රහණය කරන ඒක ලේසි දෙයක් නෙමෙයි. ඉන්දියාවත් එක්ක ක‍්‍රීඩා කරන කොට ඒ අයගේ ගොඩක් හොද පන්දුයවන්නන් සිටින නිසා අපි හිතන්න ඔ්න තුන්ඉරියව් ක‍්‍රීඩකයෝ ගැන.තණනිල්ල ගැන බලලා අපේ සැලසුම් අනුව ක‍්‍රීඩා කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි..” චන්දිමාල් පැවසීය

මෙම තරගාවලිය ටෙස්ට් තරග 3 කින්, එක්දින තරග 3 කින් සහ විස්සයි විස්ස තරග 3 කින් සමන්විතය. තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මේ මස 16 වැනිදා කොල්කටාහිදී ආරම්භ වේ.

පන්දු යවන්නන් 4 දෙනෙකුගෙන් ක්‍රීඩා කරලා තරගයක් ජයග්‍රහණය කරන ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා අපිට තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ ස්ථානය ගැන හිතන්න වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top