Political

පර්පචුවල් ට්‍රෙෂරීස් සොරාගත් මුදල් වහාම රජයට පවරා ගන්න!

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රඳවාගත් ආදායම වන රුපියල් බිලියන 10කට අධික මුදල වහාම රජයට පවරා ගැනීමට කටයුතු කරන්නැයි දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

සමරසිංහ මහතා පවසන්නේ 2017 ජූලි මස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවුවද එකී සමාගම දේශපාලනඥයන්ට සන්තෝෂම් දීම, මාධ්‍ය ආයතන, මත්පැන් ස්කාගාර ඇතුළු ව්‍යාපාර ආරම්භ කළේ එකී රුපියල් බිලියන 10ක සොරාගත් මුදලින් බවය.

පර්පචුවල් සමාගම 2017 අප්‍රේල් සිට සැප්තැම්බර් අතර මාස 6ක කාලය තුළ ලැබූ ආදායම රුපියල් මිලියන 316ක් වන අතර එම මිලියන 316 පොලී ආදායමෙන් මිසක ව්‍යාපාර හරහා නොවන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

2014 අප්‍රේල් 1 සිට 2015 මාර්තු 31 දක්වා එකී සමාගම රුපියල් මිලියන 986ක්ද, 2015 අගෝස්තු සිට 2016 මාර්තු 31 දක්වා රුපියල් මිලියන 5,124ක්ද, 2016 අගෝස්තු 1 සිට මාස 6 තුළ රුපියල් මිලියන 6,815ක්ද, 2017 අප්‍රේල් 1 සිට සැප්තැම්බර් 30 වන විට ලාභය රුපියල් මිලියන 316ක්ද ආකාරයට ලාභ පෙන්නුම් කර ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව රුපියල් මිලියන 6,500කින් ලාභය පහත වැටී ඇති ආකාරයෙන් හොරකම හොඳින් තහවුරු වී ඇති බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top