Local

පරිසර හිතකාමී පොලිතීන් නිපදවා අවසන් – වෙළඳපොළට එන්නේ මෙන්න මෙහෙමයි! (Video/Photos)

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු විසින් ප්‍රථම වරට පරිසර හිතකාමී ආහාර ඇසුරුම් සදහා යොදා ගන්නා පොලිතීන් හෙවත් ලන්ච් ෂීට් නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

මේ වන විට එහි පළමු තොගය නිෂ්පාදනය කර අවසන්. පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමට රජය අවධානය යොමු කිරීමත් සමග විකල්ප කෙරෙහි විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා විකල්පයක් ලෙස ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු වන අමිල් ප්‍රියන්ත මහතා ආහාර ඇසුරුම් සඳහා යොදා ගන්නා පොලිතීන් වෙනුවට විකල්පයක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සාහය සාර්ථක වී තිබෙනවා.

බඩඉරිඟු, මඤ්ඤොක්කා, දේශීය අර්තාපල් ආදී ස්වාභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙනයි මෙම නිෂ්පාදනය කෙරෙන්නේ. එය සම්පූර්ණයෙන්ම ජලයේ දිවන ආකාරය ද මීට පෙර ඔහු මාධ්‍ය මගින් දැනුවක් කළා. පාවිච්චි කිරීමෙන් ඉවතලන මෙම නිෂ්පාදනය කෙටි කාලයක් තුළ පසට එක්වන බව ඔහු පවසනවා.

පසුගියදා මහවැලි හා පරිසර අමාත්‍යංශය සංවිධානය කල Sri Lanka Next නීල හරිත යුගයක් ප්‍රදර්ශනයේදී මෙම නිෂ්පාදන ජනාධිපතිවරයාගේද නිරීක්ෂණයට ලක් වූ අතර අවශ්‍ය බදු සහන ආදිය ලබා දී එම නිෂ්පාදනය දේශීයව සිදුකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසටද අදාළ පාර්ශව වෙත ජනාධිපතිවරයා උපදෙස් ලබාදෙනු ලැබුවා…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top