Political

පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත් කිරීම ජනපති අතින් සුබ මොහොතින් (Photos)

රජ රට ජනතාවගේ සිහිනයක් මල් ඵල ගන්වමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සදහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත් කිරීම අද (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී තිබුණි.

අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එම කටයුතු නිරීක්ෂණය කළ අතර, අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සදහා ජලය නිකුත් කිරීම සිදු කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙය රජ රට ජනතාව වෙනුවෙන් තමා ද දිගු කලක සිට දුටූ සිහිනයක් බවයි. එම සිහිනය මල් ඵල ගැන්වෙන තවත් සුවිශේෂී දිනයක් වූ අද දින උදාවන තුරු තමා බලා සිටී බව ද ජනාධිපතිතුමා පැවසීය.

නකල්ස් කදු වැටියේ වාරි විශ්මිතය බවට පත්වන මොරගහකන්ද ජලාශය මගින් ගොවී ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කරයි.

අද සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර කි්‍රයාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙණු ඇත.

ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර හතරකින් මෙහි විදුලිබලය නිපදවෙන අතර ඒවා මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.

මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී.
මෙ මගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.

නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න, මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එච්.සී.එම්. සුරුකාන් සහ අද දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පළ කරමින් ජනාධිපතිතුමා සමග එක් වූ ගම්පොළ හිටපු නගරාධිපති සරත් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා ඇතුථ නිලධාරින් ද මීට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top