Sports

පාපන්දුවේ රජු “මෙසීගේ මැජික්” නැවතත් ක්‍රියාත්මක වෙයි – ලොවම මොහොතකට නතර කළ පාපන්දු ලොවේ මහා ගැටුම අවසන් .! (PHOTOS) (VIDEO)

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ වඩාත්ම අවදානයට පාත්‍ර වන තරගය ඊයේ දින පැවැත්වුණා. ඒ ස්පාඥ්ඥයේ බාසිලෝනා සහ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම් අතර පැවැත්වූ ස්පාඥ්ඥ ලීගයේ පාපන්දු තරගයයි. ස්පාඥ්ඥයේ ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ දෙක වන බාසිලෝනා හා රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම් අතර පෞරාණික හතුරුකමක් තිබෙනා අතර එම එදිරිවාදිකම පාපන්දු ලොවේ විශාලතම එදිරිවාදිකම ලෙසද සැළකේ.

මුලු ලොවෙහිම අවදානය දිනා ගත් තරගය ඊයේ (23) ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පස්වරු 5:30ට පමණ මැඩ්‍රිඩ් නුවර සැන්තියාගෝ බර්නාබියූ පිටියේදී ආරම්භ වූනා. ලොව හොදම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී බාසිලෝනා කණ්ඩායමත් , ඔහුගේ ජනප්‍රියතම තරගකරු ලෙස සැලකෙන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායමත් නියෝජනය කළ අතර , එම නිසා මෙම තරගයට ලැබුනේ ඉමහත් ප්‍රසිද්ධියක්.

කෙසේ වෙතත් වත්මන් ස්පාඥ්ඥ ලීගයේ පෙරමුනේ පසුවන බාසිලෝනා කණ්ඩායම තරගයේ පළමු මිනිත්තුවේ සිටම සිය ආක්‍රමණශීලී තරග රටාව ඇරඹුවා. සිය ප්‍රබල ක්‍රීඩකයන් රැසක්ම ආබාධ වලට ලක්වී ක්‍රීඩා කලද සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සිය කණ්ඩායම වෙනුවෙන් වගකීම භාරගෙන මැද පෙළ ක්‍රීඩා කළ අතර එය බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ පවා ප්‍රශංසාවට ලක්වූවා.

තරගයේ පළමු අර්ධය දෙපිළටම ගෝල රැස් කිරීමට නොහැකි වූ අතර තරගයේ දෙවෙනි අදියරේදි බාසිලෝනාව සිය ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව වැඩි කර තිබුනා. සුපිරි ක්‍රීඩක ලයනල් මෙසි දෙවන අර්ධයේ සිට ඉදිරිපෙළ ක්‍රිඩා කළ අතර තරගය අවසන් වූයේ ගෝල තුනට බිංදුවක් ලෙස බාසිලෝනා පිලට ජය අත් කර දෙමින්. ගෝලයක් රැස් කර , සහායක ගෝලයක්ද රැස් කළ ලයනල් මෙසී 10/10 ක ප්‍රසාද ලකුණු ලබා තරගයේ වීරයා ලෙස ගෞරව දිනා ගත්තා.

මෙහිදි ක්‍රිස්ටියානො රොනාල්ඩෝට හෝ කිසිදු රියාල් මැඩ්‍රිඩ් ක්‍රීඩකයෙකුට ගෝලයක් රැස් කිරීමට අවස්තාව හිමි නොවු අතර , විචාරකයන් පවසා සිටියේ එදා මෙදා තුර ලොව බිහිවූ හොදම ක්‍රීඩකයා වන ලයනල් මෙසී සමග සංසන්දනය කිරීමට හෝ ක්‍රීඩකයෙක් වර්තමානයේ ක්‍රීඩා නොකරන බවයි.

බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලය රැස් කළ ලයනල් මෙසී පාපන්දු ලොවේ තවත් වාර්තාවක් තමන් සතු කර ගත්තා. එනම් එක් කණ්ඩායමක් වෙනුවෙන් වැඩිම ගෝල ගණනක් ලබා ගැනීමේ වාර්තාවයි. ඒ අනුව බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් තරග 607ක් ක්‍රීඩා කර තිබෙන ලයනල් මෙසී ගෝල 527ක් ලබා ගෙන , මින් පෙර ජර්මනියේ ජර්ඩ් මුලර්, බයන් මියුනික් කණ්ඩායම වෙනුවෙන් තබා තිබූ වාර්තාව බිද හෙලුවා. මේ ජයග්‍රහනය සමග ස්පාඥ්ඥ ලීගයේ පෙරමුනේ සිටින බාසිලෝනා කණ්ඩායම සිය ස්ථානය තවත් තහවුරු කර ගත් අතර , සිවුවෙනි ස්ථානයේ සිටින රියාල් මැඩ්‍රිඩ් කණ්ඩායම හොදම කණ්ඩායම් හතරෙන් පහතට වැටීමේ අවදානමකටද මුහුණ දී තිබෙනවා.

තරගයේ විශේෂ අවස්තා අඩංගු විඩීයෝ හා ඡායාරූප පහතින් ,

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top