Political

පැතිර යන කතා සියල්ල අසත්‍යයි – ආණ්ඩු වෙනස ගැන නිල නිවේදනයක්!

පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිපල නිකුත් වීමත් සමගම විවිධ දේශපාලන පුවත් හා කට කතා නිර්මාණය වෙමින් පවතිනවා. මැතිවරණයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය සහයෝගය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුන අතර ඔවුන් 44% චන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. නමුත් ඔවුනට බහුතර බලයක් ලබා ගැනීමට අවශ්‍ය 55%ක බලයක් ලැබී නැහැ.

මේ පසුබිම තුල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා උත්සාහ දරන බවට මෙන්ම මහින්ද රාජපක්ෂ පිල සමග සම්බන්ධව ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්චා පවත්වන බවට විවිධ ප්‍රචාර සමාජ ජාල හා වෙබ් අඩවි වල ප්‍රචාරය වෙමින් පවතිනවා.

කෙසේ වුවත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරන්නේ එලෙස කිසිදු තීරණයක් ජනාධිපතිවරයා විසින් මෙතෙක් ගෙන නොමැති බවයි.අප ඔවුන්ගේ කල විමසීමකදී පවසා සිටියේ මෙලෙස පැතිර යන පුවත් වල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඉදිරි දින කිහිපයදී ජනාධිපතිවරයා විසින් තීරණයක් ගනු ඇති බවය.

තවද මේ පිලිබදව කිසිදු සකාච්ජාවක් හෝ මේ වනතෙක් පවත්වා නොමැති අතර ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරි දේශපාලන තීරණය දැනුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියා.

ඒ අනුව මේ වන විට පැතිර යන එජාප තනි ආණ්ඩුවක් යන පුවත් මුළුමනින්ම අසත්‍යක් වන අතර ඉදිරියේදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන ගමන ජනාධිපතිවරයා විසින් ඉදිරි සතිය ඇතුලත ප්‍රකාශ කරනු ඇත.

ජනාධිපති කාර්යාලය මේ පිළිබඳව නිකුත් කල නිල නිවේදනය පහතින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top