Sports

පිතිකරුවන් අන්දමන්ද කෙරු ශ්‍රී ලංකාවේ නවක වැඩ්ඩගේ පන්දු යැවිල්ල (Video)

මේ කියන්න යන්නේ අපුරු පුවතක් ගැන. ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතයක සහභාවී වේ

එක් පිළකට පන්දුවාර 50ක් හිමිවන මෙම ක්‍රිකට් තරගාවලිය මේ වසරේ නොවැම්බර් මස 9 වන දා සිට 20වන දා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වෙන අතර මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය, මැලේසියාව සහ තවත් රටවල් දෙකක් සහභාගි වෙයි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය රිච්මන්ඩ් විද්‍යාලයේ වමත් පිතිකරු කමිඳු මෙන්ඩිස් හට හිමිව ඇත. එසේම මෙම කණ්ඩායමේ උපනායකත්වය සාන්ත ජෝසප් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක ජෙහාන් ඩැනියල් විසින් දරයි.

කණ්ඩායම් 8ක සහභාගිත්වය ඇතිව ගියවර පැවැත්වූ ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ඇතිව පැවැත්විය. ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්වූ එහි අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 34කින් පරාජය කළ කණ්ඩායම එහි ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

අත්දැකීම් බහුල ක්‍රීඩක අශේන් බණ්ඩාර, හසිත බෝයගොඩ, නිපුන් රංසික, ප්‍රවීන් ජයවික්‍රම, ක්‍රිශාන් සංජුල හා තිසරු රශ්මික ඩිල්ශාන් නැවතත් වයස 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙම තරගාවලියට දිවයිනෙන් පිටත්ව යාමට පෙර මහනුවර දී විශේෂ පුහුණු සැසිවාරයකට ද සහභාගි විය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩක රෝයි ඩයස් මහතා ක්‍රියා කරනු ලැබේ.

මේ අතර මෙම තරගාවලියේදී යොවුන් ක්‍රීඩක කෙවින් කොත්තිගොඩගේ පන්දු යැවීම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

බොහෝ දෙනෙකු පවසා තිබුනේ පොල් ඇඩම් නැවත පැමිණ ඇති බවයි.දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩකයෙකු වන පොල් ඇඩම්ද මෙවැනිම අකාරයෙන් පන්දු යැවීම සිදු කළහ.කෙවින් කොත්තිගොඩ පන්දු යැවූ අකාරය පහත ජයාරුපයෙන් සහ වීඩියෝවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top