Local

පිළිකා සරණ උපදේශන සේවාව ඇරඹේ (Photos)

පිළිකා සරණ සංගමය සහ ඉන්දිරා ජයසූරිය සත්කාරක සේවාව ඒකාබද්ධව මෙය පවත්වාගෙන යන අතර පිළිකා සරණ උපදේශ සේවාව අද(27දා) ආරම්භකෙරිණි. ඉන්දිරා ජයසූරිය ළමා සත්කාරක සේවාවද මෙයට සමගාමීව ආරම්භ කෙරුණු අතර, පියයුරු පිළිකාව කල්තියා හඳුනාගත හැකි මැමෝග්‍රැෆි සේවාවද ඉතාම ඉක්මනින් ආරම්භකිරීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ කෙරිණි.

දිනකට පැය 12 ක් පුරා ක්‍රියාත්මක පිළිකා සරණ උපකාරක අනතුරු සේවාව 0112363211 යන දුරකථන අංකය ඔස්සේ ක්‍රියාත්මක වෙයි.

මෙම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ෆ්‍රඩ් කුමාරසිරි, පිළිකා සරණ සංගමයේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ, පසුගියදා පිළිකා රෝගයෙන් මියගිය ඉන්දිරා ජයසූරිය මහත්මියගේ සැමියා වන බ්‍රිතාන්‍ය ජාතික මාර්ටින් ඩිකර් යන මහත්ම මහත්මීන්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්,ඉන්දිරා ජයසූරිය මහත්මියගේ දරු දෙදෙනා ඇතුළුපිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දක්වමින් කථානායක කරු ජයසූරිය මහතා පැවසුවේ තම දියණිය පිළිකා රෝගයට ගොදුරුවීමෙන් තමා අත්විඳි දුක තවත් දෙමාපියෙකුට උරුම නොකිරීමේ අරමුණින් මෙම සත්කාරය ආරම්භකිරීමට කටයුතු කළ බවයි.

පිළිකා සරණ භාරය මගින් ක්‍රියාත්මක ඉදිරි ව්‍යපෘතීන්ද ඉතාම කඩිනමින් ආරම්භකරන බවද ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම තම කනිටු දියණිය වන ඉන්දිරා ජයසූරිය මහත්මිය මෙලොව හැරයාම කනගාටුදායක සිදුවීමක් වුවද, ශ්‍රීලංකාවේ මාතෘත්වය ලෝකයට ගෙනයාම පිළිබඳ ඇය කෙරෙහි ආඩම්බර වන බවද කථානායකවරයා ප්‍රකාශකළේය.

ඡායාරූප – ඉසංක සුනිමල් | www.ada.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top