Science

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක්‌

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක්‌ ආලෝක වර්ෂ හතරකට ඈතින් තිබෙන බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය ප්‍රථමවරට සොයාගෙන ඇත.

මෙම ග්‍රහලෝකය ප්‍රොක්‌සීමා ලෙස නම්කර ඇත.

මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට සැතපුම් ටි්‍රලියන 25 ක්‌ ඈතින් තිබෙන බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය ඊයේ (25 දා) අනාවරණය කළේය.

පෘථිවියට ආසන්නයේ පිහිටා ඇති මෙම ග්‍රහලෝකය අධිවේගී අභ්‍යවකාශ යානාවකින් ඒ වෙත යැමට හැකි බව එම මධ්‍යස්‌ථානය කියයි.

පිටසක්‌වල ජීවීන් පිළිබඳව පරීක්‍ෂණ කිරීමට මෙම ග්‍රහලෝකය වෙත යැමට ක්‍රියා කළ යුතු බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්‌ථාන ප්‍රකාශයෙක්‌ පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය – www.divaina.com

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top