Local

පොදු ප්‍රවාහන සේවයේ විධිමත් කිරීම උදෙසා “සහසර” ව්‍යාපෘතිය

පොදු ප්‍රවාහන සේවයේ විධිමත් කිරීම උදෙසා “සහසර” ව්‍යාපෘතිය ජාතික මට්ටමින් මධ්‍යම පළාතේ ව්‍යාප්ත කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් අද දින පෙරවරුවේ ගරු ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අභයගුණවර්ධන, මධ්‍යම පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති එරික් වීරවර්ධන, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ යන මහත්වරුන්ද සහභාගී විය.

“සහසර”
පොදු මගී ප‍්‍රවාහන අත්දැකීම සහ ජාතික වැඩසටහනක් ලෙස ක‍්‍රියාවට නැගීම
රටේ මගී ප‍්‍රවාහන අර්බුදය විසඳීම සඳහා රජය ක‍්‍රියාත්මක කරන අලූත්ම තිරසර ප‍්‍රවාහන විසඳුම ”සහසර” වැඩසටහනයි. ”එක්ව සැරිසරමු” යන්න මෙහි අර්ථයයි.

ජනාධිපති කාර්යාලයේ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය මගින් සැලසුම් කර, මධ්‍යම පළාත් මගී ප‍්‍රවාහන අධිකාරිය සමග එක්ව මහනුවර කඩුගන්නාව (දෙනුවර කලාපය* සහ මහනුවර දිගන (දුම්බර කලාපය* මාර්ග දෙකෙහි නියමු වැඩසටහක් ලෙස “සහසර” වැඩසටහන පෞද්ගලික බස් සේවාව තුළ අත්හදා බැලීම් කරනු ලැබීය.

2016 අගොස්තු මස 02 දා ආරම්භ කර මාස 03 ක් පුරා ක‍්‍රියාවට නංවා අති සාර්ථක ප‍්‍රතිඵල අත්කරගෙන ඇති මෙම වැඩසටහනේ නියමු අදියර පසුගිය 2016 නොවැම්බර් මාසයේදී අවසන්වූ අතර, ඉහත මාර්ගවල මගීන් අතරද බස්රථ හිමිකරුවන් හා සේවකයින් අතරද “සහසර” ඉතා ජනප‍්‍රිය වී ඇත.

යම්කිසි තොර්ාගත් මාර්ගයක හෝ මාර්ග කිහිපයක දිනකදී ධාවනය කරවන බස්රථ සියල්ලෙන්ම දිනකට එකතුවන ආදායම එම මාර්ගවල දිනකට ධාවනය කර ඇති බස්රථ වල වාර ගණනින් බෙදා එක් එක් බස්රථයට ආදායම් ලබාදීම “සහසර” වැඩසටහනේ මූලික ක‍්‍රියාමාර්ගයයි.

මේ සඳහා අදාළ මාර්ගයේ හෝ මාර්ගවල පෞද්ගලික හෝ රජයේ (ගමනා ගමන මණ්ඩලයේ බස්රථ “සහසර” වැඩසටහන සමග එක්ව කටයුතු කළ යුතුවීම අවශ්‍ය වන අතර, තාක්‍ෂණික මෙවලම් මගින් බස්රථ නියාමනය සිදුවේ.

එනම්, මේ සඳහා “සහසර” නමින් පෙරගෙවුම් කාඞ්පතක් මගීන්ට හඳුන්වා දී ඇති අතර, මගියා බස්රථයට ගෙවීම් කරනු ලබන්නේ මෙම කාඞ්පතෙනි. ඒ සඳහා වටිනාකම සටහන් කරගන්නා ටිකට් යන්ත‍්‍රයක් කොන්දොස්තර මහතා විසින් භාවිතා කරනු ලැබේ. ටිකට්පත් සඳහා සෘජුවම මුදල් ගනුදෙනුවක් නැති මෙම ක‍්‍රමයේදී, මගියා විසින් කාඞ්පතකින් ගෙවනු ලබන ගාස්තු වටිනාකම ක්‍ෂණයෙන්ස “හරසර” නියාමන මධ්‍යස්ථානය අධීක්‍ෂණය කරන පොදු බැංකු ගිණුමකට ගිණුම් ගත වෙයි. දිනක ආදායම බස් හිමිකරුවන් අතර බෙදී යන්නේ මෙම ගිණුමෙනි. බස් රථය තුළ සවිකරන ලද සීසීටීවී කැමරා පද්ධතියක් මගින් සහ ජීපීඑස් උපාංග මගින් බස්රථ අධීක්‍ෂණයට ලක්වේ.

මේ නිසා මගී බස්රථ මගීන් අපේක්‍ෂාවෙන් “මන්දගාමී වීම හෝ තරගකාරීව අධිවේගයෙන් ධාවනය වීම” නිරර්ථක වේ. බස්රථ හිමිකරුවන්ට හෝ සේවකයින්ටද එසේ අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ දිනක ධාවන වාර ගණන සම්පූර්ණ කිරීම හා ඊට සමගාමීව මගීන් ප‍්‍රවාහනය කිරීමය.

මේ නිසා අනතුරු අවධානම හා මාර්ග තදබදය අවම වන අතර, මගීන්ට හොඳ බස්රථ සේවයක් ලැබේ. මධ්‍යම පළාතෙන් මෙහි සාර්ථකත්වය දැනටමත් අත්කරගෙන ඇති අතර, “සහසර” වැඩසටහන ජාතික වැඩසටහනක් ලෙස හඳුන්වාදීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇත.

රටේ පොදු ප‍්‍රවාහන සේවය බලගැන්වීම මගින් විකල්ප ප‍්‍රවාහන මාධ්‍ය වෙත යොමු වී සිටින මගීන් නැවත පොදු ප‍්‍රවාහන සේවය වෙත නැඹුරුකර ගැනීමත් එමගින් රටේ අසීරු මාර්ග තදබදය අවම කිරීමත් මගීන්ගේ සුරක්‍ෂිත බව තහවුරු කිරීමත් ඇතුළු පොදු ප‍්‍රවාහනය, මහජන හිතකාමී යාන්ත‍්‍රණයක් බවට පත්කිරීමත් අරමුණු කරගත් ”සහසර” ව්‍යාපෘතිය ජාතික මට්ටමින් ව්‍යාප්ත කිරීමේ පළමු අදියර 2017-01-15 වන ඉරිදා දින මධ්‍යම පළාතෙන් ආරම්භ වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top