Political

පොළොන්නරුව මහ රෝහලේ ඉදිකෙරෙන ආඝාත ප්‍රතිකාර සංකීර්ණයට ජනපති අතින් මුල් ගල් තැබේ (Photos)

පොළොන්නරුව මහ රෝහලේ ඉදිකෙරෙන ආඝාත ප්‍රතිකාර සංකීර්ණය සදහා මුල් ගල් තැබීම ද අද (06) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

රක්තවාතවේද හා පුනරුත්ථාපන ඒකකයක්, භෞතචිකිත්සක ඒකකයක් සහ ආඝාත හා ස්නායු වෛද්‍ය ඒකකයින් සමන්විත මෙම ආඝාත ප්‍රතිකාර සංකීර්ණය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400 කි.

“පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන, යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය දින 548 ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතය.

ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා ගොඩනැගිලි සංකීර්ණයේ සැළැස්ම ද අධීක්ෂණය කළේය.

පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top