Sports

බංග්ලාදේශය පන්දුවට පහරදෙයි – සජීවී නරබන්න (LIVE)

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) ආරම්භවූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක මහමදුල්ලා රියාද් පළමුව පන්දුවට පහරදිමට තීරණය කළේය.

පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බවත් තණතීරුව දඟපන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලබාදෙනු ඇති බවත් කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව බංග්ලාදේශ නායකයා පැවසීය. සකීබ් අල් හසන් අපිට වඩාත්ම අවශ්‍ය ක්‍රීඩකයකු බවත් ඔමු නොමැතිවීම බලවත් පාඩුවක් යැයි බංග්ලාදේශ නායකයා වැඩිදුරටත් පැවසීය. සුන්සමුල් ඉස්ලාම් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට අද සමත්විය.

තුන්කොන් තරගාවලිය දිනාගැනීමෙන් පසුව ඉහළ මානසික මට්ටමක පසුවන නමුත් එක්දින තරග වලට වඩා ටෙස්ට් තරග හාත්පසින්ම වෙනස් බව කාසියේ වාසිය පරාජ විමෙන් පසුව ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පැවසීය. තරුණ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කණ්ඩායම තුල සිටින අතර ඔවුන් සමගින් තරගය හොදින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව චන්දිමාල් පැවසීය.

රංගන හේරත්ගේ පැමිණීම ගැන උද්දාමයට පත්ව ඇති ශ්‍රී ලංකා නායකයා සියලුදෙනාම දන්නවා ඔහු අපිට කොච්චර වැදගත්ද බව පැවසීය. ඔහු දන්නවා කොහොමද කඩුලු ලබාගැනීම අවශ්‍ය කියලා.

රංගන හේරත් මෙන්ම ඩිල්රුවන් පෙරේරා සහ දිමුත් කරුණාරත්න කණ්ඩායම වැදගත් ක්‍රිඩයික් බව චන්දිමාල් පැවසීය. කාසියේ වාසිය හෝ ක්‍රීඩාංගණයේ තත්වය අපට පාලනය කළ නොහැකි බවත් පිතිකරුවන් 6 ක් සහ පන්දු යවන්නන් 5 දෙනෙකු යොදා ගන්නා බව පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා, රංගන හේරත්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර

බංග්ලාදේශ කණ්ඩායම
මහමදුල්ලා රියාද් (නායක), ටමීම් ඉක්බාල්, ලිටන් දාස්, මුෂ්ෆිකුර් රහීම්, ඉම්රුල් කේයිස්, මොමිනුල් හක්, මොසඩක් හොසේන්, මෙහෙදි හසන්, තයිජුල් ඉස්ලාම්, සුන්සමුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රහමාන්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top