Business

බදුවලට එරෙහිව වෙළෙඳ සැල් වසා උද්ඝෝෂණ නෑ

මින් මතු කිසිදු අවස්ථාවක සිය වෙළෙඳ සැල් වසා දමා බදුවලට එරෙහිව විරෝධය දැක්වීමට තමන් සූදානම් නොමැති බව පිටකොටුව රෙදිපිළි වෙළෙඳසැල් හිමියන් පවසා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ රටක් සංවර්ධනය සඳහා බදු අවශ්‍ය බවත්, එම බදු විධිමත් ආකාරයට ගෙවීමට තමන් සූදානම් බවත් ය. ඊයේ (11දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පිටකොටුව රෙදිපිළි වෙළෙඳ සංගමය මේ බව කියා සිටි බව මුදල් අමාත්‍යාංශය කියයි.

කොළඹ තරුණ කතෝලික සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා ඇති පිටකොටුව රෙදිපිළි වෙළෙඳ සංගමයේ සභාපති එම්.වයි.එච්. නජිමුදීන්, තම ව්‍යාපාරවල සාර්ථකයක්වය රඳා පවතින්නේ රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමෙන් පමණක් බව පවසා තිබේ. එබැවින් ඉදිරියේ එන කුමන අර්බුදකාරී අවස්ථාවකදී වුවද, විරෝධතා වෙනුවට සාකච්ඡා මාර්ගය තෝරා ගැනීමට තීරණය කළ බව හෙතෙම පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (11දා) තම සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ බවත්, එහිදී යෝජනාවට අනුමැතිය හිමි වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසූ බව මුදල් අමාත්‍යාංශය කියයි.

ෂමිල පෙරේරා – www.ada.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top