Educational

බ්‍රිතාන්‍යට හිතා ගන්නවත් බැරි විදියට ලොව පළමු ගුවන්යානා ප්‍රවාහන යුධ නැව මඩකලපුව මුහුදේ ගිල්ලපු ජපන් ප්‍රහාරය (Photos)

එච්.එම්.එස් හ්ර්ම්ස් නෞකාව රාජකීය නාවික හමුදාවන් සඳහා නිපදවූ ලොව පළමු නැව විය.මෙම නැවට ගුවන් යානා 20ක් පමණ ගෙනයාමේ හැකියාව තිබී ඇත.මෙම නැව නිෂ්පාදනය කිරීමෙන් අනතුරුව රාජකීය හමුදාවන් විවිධ කටයුතු සඳහා ප්‍රයෝජනයට ගෙන තිබිණි.

දෙවන ලෝක යුධ සමයේදී හර්ම්ස් නෞකාව 1942 අප්‍රේල් මස 02 වැනි දින ත්‍රිකුණාමල වරායේ නව්ගුර්ම්ලා තිබුණි.මෙම නෞකාව බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් එකක් විය. අප්‍රේල් මස 04වැනි දින රාජකීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් රාත්‍රිකාලයේ ශ්‍රීලංකා අහසේ මුර සංචාරයේ නිරතව තිබුණි. එහි නියමුවා වුයේ බලගන නායක ලෙනාඩ් බ්‍රිචේල්ය. ඉහල අහසේ පියාසර කරමින් සිටි බ්‍රිචෙල් මහතා නැගෙනහිර මුහුදේ ශ්‍රී ලංකාව වෙත ඇදෙන නෞකා පෙළක් දිටිය.ඒ දුටු පියාසර නියමුවා එවලේම එම දර්ශනය පිළිඹඳව පාලන කුළුණු වෙත දැනුවත් කර ඇතිබව වාර්තාවේ.

පාලන කුලුනෙන් අවසර ගත් නියමුවා ඝන අඳුර මැදින් නෞකා දෙසට ආදී ගියවිට දකින්නට ලැබුනේ ජපන් නාවික හමුදාවේ හයාරු හා සොර්යු යන නෞකා ලකාව දෙසට පැමිණෙනබවයි.

මේ පිළිඹඳව පරික්ෂා කරන ලද බ්‍රිචෙල් කොළඹට දැනුම් දීමට කටයුතු කර ඇත. මෙම පණිවිඩය ලබාදීමත් සමගම ඔහු පදවමින් සිටි කටලිනා වර්ගයේ ගුවන්යායන ජපන් හමුදාවේ ප්‍රහාරයට ලක්ව මුහුදට කඩාවැටී තිබේ. ඒ මොහොත වංවෙඉත බ්‍රිචෙල් මෙම අනතුර පිළිඹඳව දැනුම් දී තිබුනත් ජපන් ප්‍රහාරය නැවැත්වීමට බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට නොහැකිවූයේ ජප්න්නුන් කඩිනමින් දියත්කල ප්‍රහාරය හේතුවෙනි.

ජපන් ගුවන් හමුදාවේ බෝම්බ හෙලන යාන 54ක් ප්‍රහාරක යානා 38ක්ද සාමාන්‍ය බෝම්බ ප්‍රහාරක යානා 90ක්ද ශ්‍රී ලංකා අහස ආක්‍රමණය කරමින් ප්‍රහාරය දියත් කරනු ලැබිය. ජපනුන් විසින් එල්ලකරන ලද ප්‍රහාර වලින් කොළඹ වරායේ නවතා තිබු රාජකීය නාවික හමුදාවට අයත් එච් එම් එස් ටොනාඩෝස් නව සහ එච් එම් එස් හෙක්ටර් නෞකා මුහුදුබත් විය.

ප්‍රහාරය එතෙනින් නිම නොවිය රත්මලාන ගුවන් හමුදා ගුවන්තොටුපලේ නවතා තිබු ගුවන් යාන 27ක්ද බෝම්බ දමා විනාශ කරනු ලැබූ ජපන් ගුවන් හමුදාවේ මීළඟ ඉලක්කය වූයේ ත්‍රීකුණාමල වරාය බව දැනගත් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ප්‍රධානියා වන අද්මිරාල් ජේම්ස් සමර්විල් නෞකාව මාලදිවයින දෙසට යැවීමට කටයුතු කලද ජපන් ගුවන් හමුදාවේ නෙත් මානයෙන් බේරීමට එයට නොහැකි විය.

මඩකලපුව මුහුදේදී ජපන් ගුවන් යානා අසූවකින් පමණ එච්.එම්.එස් හ්ර්ම්ස් නොඋකාවට ප්‍රහාරයක් එල්ල කළේය මෙම ගුවන් යානා ගුවන් ගතව ඇත්තේ ජපන් නෞකා තුනකිනි. ඒ වන විටත් ශ්‍රී ලංකා මුහුද තුළ ජපන් නෞකා 5ක් පමණ නගුරම් දා තිබු බව වාර්තා වේ.මෙම ප්‍රහාරක ගුවන්යානා වලට අණදී තිබුණේ ජපන් නාවික හමුදාවේ නැගුමෝ ගුකිය.ප්‍රහාරය අවසානයත් සමගම නාවිකයන් 707ක් සමග නෞකාව මුහුදුබත් විය. නැවේ කපිතාන් වරයා නැවට ආචාර කරමින්ම මියගිය බව වාර්තාවල පළවුණි.තවත් නාවිකයන් හාරසියයක් පමණ මුහුදේ පාවෙමින් සිටි අතර ඒ පිරිස නැවේ තෙල් කාන්දුව අසලට පැමිණ සිටියේ මෝරුන්ගේ ග්‍රහණයෙන් ගැලවීම සඳහායි.ලෝකයේ නිෂ්පාදනය කරන ලද ප්‍රථම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා මුහුදේ ම්හිදන්වී නිසොල්මන් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top