Political

බිම්ස්ටෙක් ඇමති සමුළුව ජනපතිගේ මූලිකත්වයෙන් ඇරඹෙයි (Photos)

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථීක සහයෝගීතාව පිළිබද ඛෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුථව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කොළඹදී ආරම්භ කෙරිණි.

දකුණු හා අග්නිදිග ආසියාතික ඛෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් 07 ක් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලනය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් බිමිස්ටෙක් සංවිධානයට අයත් වේ.

එම රටවල් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහ නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටී.

බංග්ලාදේශ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය මොහොමඩ් අබ්දුල් මන්නන්, භූතාන මුදල් අමාත්‍ය නම්ගෙයි දෝර්ජි, මියන්මාර් කෘෂිකර්ම, පශු සම්පත් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලාචෝ, තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නදාපිත් ස්නිඩිවොංස් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් මෙම සමුථවට සහභාගී වී සිටින අතර, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රියාණි වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ඊට එක් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top