Political

මගේ ජිවිතේ කවදාවත් නොකළ දෙයක් එදා කරන්න වුනා – බැඳුම්කර වාර්තාවේ පිටු අඩුවූ හැටි ජනපති හෙළිකරයි! (VIDEO)

මේ දිනවල දේශපාලන ලෝකයේ වාද විවාද වලට තුඩු දෙන ප්‍රධානම මාතෘකාව බවට පත්ව ඇත්තේ බැඳුම්කර ගනුදෙනුව හා වංචා දුෂණ පිළිබඳව ජනාධිපති කොමිසන් සභා වාර්තා හා ඒවායේ අන්තර්ගත සාක්ෂි හා නිර්දේශයන්ය.

ප්‍රධාන වශයෙන්ම බැඳුම්කර වංචාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පාර්ශවයටත් බරපතල වංචා දුෂණ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ පාර්ශය්වටත් චෝදනා එල්ල වන අතර ජනතාව ලෙස අප බලා සිටින්නේ පක්ෂ විපක්ෂ භේධයකින් තොරව දුෂිතයන්ට දඩුවම් ලැබෙන තුරුය.

ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ විවිධ අවස්ථාවල විශේෂ ජනාධිපති කොමිසන් පත් කොට වාර්තා සකස් කෙරුණත් ඒවා නමට පමණක් සිමා වූ බව අප හොඳින් දනී. එවැනි පසුබිමක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙර සිටි නායකයන් මෙන් බලය පිණිස ෆයිල් ඇපයට තබා නොගෙන විවිධ භාධා මධ්‍යයේ වුවත් රටේ අනාගතය වෙනුවෙන් වංචාව දුෂණය තුරන්කර රටේ දේශපාලන සංස්කෘතිය යහපත් තැනකට ගෙන ඒමට දරන වෑයම පිළිබඳව මහජනතාව ලෙස සතුටු විය යුතුය.

නමුත් මේ දිනවල විපක්ෂ කණ්ඩායම් සහ චුදිතයින් උත්සාහ දරන්නේ විවිධ ප්‍රකාශ කරමින් මෙම බැඳුම්කර වංචා පිළිබඳව කොමිසන් වාර්තා පිළිබඳව ජනතාවගේ ඇති විශ්වාසය බිඳ දමා එහි වාසිය තමන් වෙත ලබාගෙන තමන් සුදනන් බව පෙන්වීමටය. එහිදී ඔවුන් කියා සිටියේ බැඳුම්කර කොමිසන් වාර්තාවේ පිටු අඩු බවත් එහි පිටපත් කලින්ම පිටවී ඇති බවත්ය.

මෙයට පිළිතුරු දෙමින් ඊයේ (01) රාත්‍රියේ පවතී රුපවාහිනි වැඩසටහනකදී ජනාධිපතිවරයා කියා සිටියේ ඒවා පදනම් විරහිත අසත්‍ය චෝදනා බවයි. ඔහු ප්‍රථම වරට රහසක් හෙළි කරමින් බැඳුම්කරේ අඩු පිටු පිළිබඳව සහ රජයේ මුද්‍රණාලයේ අදාළ කොමිසන් වාර්තා මුද්‍රණය සිදු වූ ආකාරය පිළිබඳව රහස් හෙළිකළේ මේ අයුරින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top