Political

මධ්‍යම ජලය රජරට හරහා උතුරට හරවයි : මොරගහකන්ද දිය රැඳවුම් මංගල්ලය හෙට

මොරගහකන්ද මහා ජලාශ ව්‍යාපෘතිය මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍ය ධූරය දරන විට ආරම්භ කරන ලදී.මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන එවකට සිටි දේශපාලන නායකත්වය ලබානොදෙන අතර විදෙස් ණය පවා ලබාගැනීම වලක්වයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධෛර්යය හා කැපවීම හේතුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය වන මූලික ප්‍රතිපාදන කෙසේ හෝ සටන් කර රජය මාර්ගයෙන්ම ලබාගැනීමට ඔහු සමත් විය .2007 ජනවාරි 25වන දින මෙම රුපියල් බිලියන 90ක යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹීය.

ව්‍යාපෘතියේ සාර්ථකත්වය දරාගත නොහැකිවූ හිටපු ජනාධිපති වරයා එම ඇමති ධූරය චමල් රාජපක්ෂ මහතාට ලබාදෙන අතර ඒ හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වඩාත් ප්‍රියකල මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරය ඔහුට අහිමි කරයි.මෙසේ කෙනෙහෙලි කම් මැද එදා ඒ ඇරඹි මොරගහකන්ද මහා ජාලාශ ව්‍යාපෘතියේ දියවර රැඳවීම 2017 ජනවාරි 11වනදා මෛත්‍රී ජනපතිඳුන් ගේ සුරතින් සිදුකෙරෙන අතර එකල සිහිනයක් වූ මොරගහකන්ද අද යතාර්ථයක් වී හමාරය.

මාතලේ ,කුරුණෑගල ,ත්‍රිකුණාමලය , පොළොන්නරුව,අනුරාධපුරය දිස්ත්‍රික්කයන්හි මෙන්ම උතුරු පළාතටද කෙත් බිම් යල මහ දෙකන්නයේම අස්වැද්දීමට මෙම මොරගහකන්ද කළුගඟ යෝධ වාරි ව්‍යාපෘතිය සමත් වන අතර ජනතාවට පිරිසිඳු පානිය ජලය ද මින් ලැබේ.මේත් සමඟම ඇලහැර ඇල ඉදීවීමද ආරම්භ වී අනාදිමත් අනාගතයකට කැඳවා ගෙන යන දියවර සිහිනය මෙසේ සැබෑවෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top