Political

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවල සිදුවන බවට පැවසෙන වන විනාශයන් පිළිබද සත්‍ය තත්ත්වය සොයා බැලීමට ජනපතිගෙන් විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ පරිසර අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මේ දිනවල ඇතැම් මාධ්‍ය හා පරිසර සංවිධාන මගින් මතු කරමින් සිටින මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවල සිදුවනවා යැයි පැවසෙන වන විනාශයන් පිළිබද යථා තත්ත්වය සොයා බැලීමේ අරමුණින් ජනාධිපතිතුමා විසින් මෙම සාකච්ඡාව කැදවා තිබුණි.

ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, තිරසර සංවර්ධන හා වන ජීවි අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල, අතිරේක ලේකම් එල්.ජේ.එම්.ජී.සී. බණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල අමරරත්න යන මහත්වරුන් ඇතුථ නිලධාරින් පිරිසක් මීට එක්ව සිටියහ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top