Local

මරධාන හන්දියේ කව්රුත් දන්න ප්ලග් රාජාලියා නිර්මාණය කරපු Iron Man ගැන මිතුරෙකු තැබූ අපූරු ෆේස් බුක් සටහන (Photos)

දක්ෂතා වලින් පරිපුර්ණ අපූරු හැකියාවන් තියෙන පුදගලයින් රැසක් ලංකාවේ ඉන්නවා. හැබැයි සමහර පුද්ගලයින් ගැන දන්නේ බොහොම සුළු පිරිසක් මේ කියන්න යන්නේ හැමෝම කතා බහ කරන නිර්මාණයක පිටුපස සිටින අපූරු හැකියාවක් තියෙන පුද්ගලයකු ගැනයි කොළඹට එන ඕනෑම කෙනෙක් දන්නවා මරධාන හන්දියේ තියන ප්ලග් රාජ ආලියා ගැන මොටර් රථ වලට යොදා ගන්නා ස්පාර්ක් ප්ලග් ආධාරයෙන් තමයි මෙම අපූරු නිර්මාණය සිදු කරලා තියෙන්නේ භාෂිත් රණවීර තමයි මේ රාජ අලියාගේ නිර්මාර්තෘ ඔහු ගැන කලකින් හමු වූ මිතුරෙක් අපරු ෆේසු බුක් සටහනක් තබා තිබුනා. භාෂිත හෙවත් – Iron Man නොදන්න හැමෝටම මේ කතාව වැදගත් වෙයි මේ එම ෆේස් බුක් සටහනයි ……………..

IRON_MAN ඒ මා ඔහු සිහි කරන නාමයයි..
නමින් භාෂිත් රණවීරයි…
යකඩ යනු ඔහුට දිව්‍යමය දායාදයකි..
#Assemblage නැතිනම් එකලස් කලාවේ ප්‍රවීණයා ඔහුයි..

නාරම්මල මයුරපාදෙන් අකුරු කෙරෑ ඔහු වැඩි දුර අධ්‍යාපනය #University_of_the_Visual_and_Performing_Art හි තම දැනුම තර කරගත් ඔහු පොල්ගහවෙල ජන්ම භූමිය කරගත්තේය..

මුලින්ම මා මොහුව හදුනාගන්නේ ඔබ කවුරුත් දකින ප්ලග් රාජාලියා නිසාය..
ඒ පතාක රාජාලියාගේ හිමිකරු,මැවුම්කරු මොහුයි…

රාජගිරිය කලපලුවාවේ ඔහුගේ වැඩබිම දුටු සැනින් මා හදුනාගත්තේ ඒ යකඩ අශ්වයා වැඩබිම ඉදිරියේ තේජවන්ත ලීලාවෙන් සිටි නිසාමය..
“භාෂිත් මෙතන…. ගන්න ඕනි කෝල් එකක්”
මා සිතට ආවේ එයයි..
ආ වැඩේ පසෙක දැමු මා ඒ අවස්තාවේම තිරිංග පාගා ආපස්සට ආවේ දුරකතනයේ භාෂිත් විපරම් කරන්නටය…
“හලෝ කොහොමද”
කතාකලේ පලමු වතාවට වුවද ඒ සුහද ආමන්ත්‍රණය…
ඔහු සිටියේ වැඩ බිමින් ගොඩාක් දුරය.
“ඉන්න මම එනවා”
නමුත් පැවසුවේ සරලවය.
මම මගේ වැඩ ටික ඉවර කර නැවතත් යාමට පිටත් වූයේ වැසි සහිත කාලගුණ තත්වයකය..
නමුත් මොහුව අමතක නොකලේය..
ඔහුගේ වැඩබිම ඉදිරිපිටදී පැති කන්නාඩිය පාත් වීමත් සමගම ඔහුගෙන් මා හට ලැබුනු සිනහව මගේ බිරිද අදත් මතක් කලේ වටිනාකමක් එක්කරමිනි…
දොරගුලු දමා යාමට පිටත්ව සිටි මොහු “තාත්තේ පොඩ්ඩක් දොර අරිනකෝ” යයි මොහු පැවසුවේ මෙවන් විශිෂ්ඨයෙකු බිහිකල තාත්තා දෙස බලා “මේ මගේ තාත්තා” කියමින්ය…
ඒ සිනහවේ තිබුනේ කොහොමද පුතේ යන්නයි….
භාෂිත් තමන්ගේ ක්‍රියාකාරයම් පෙන්වුයේ මමද ඒවාට වඩාත් කැමති බව දන්න නිසාය..
කියවගෙන කියවගෙන ගිය භාෂිත් එකපාරටම විමසුවේ මේ ඔයා වැඩිමල් නේද මොන අවුරුද්දේද…
එතැන් පටන් ඔහුට මම අයියා විය…
වැඩ කරමින් සිටියදීම අනතුරට ලක්වූ මැහුම් හයක් දැමු දනිස් පොල් කට්ට පසෙක දමා වැඩබිම වෙත පැමිනෙන්නේ වැඩක් නොකර එක විදියකට ඉන්න බැරි බව මොහු දකින ඕනෑම කෙනෙකුට හැඟී යයි…
කෙසේ වෙතත් තෙවනි ස්තානය ලබාගත් ඔහුගේ නවතම නිර්මානයෙන් බියර් නෙලුම් මලකුයි පත්‍රයකුයි මට ලැබුනේ “අයියේ මේක තියාගන්න” යයි පවසමිනි..
ඔව් ඒක මට ඕනිවටත් වඩා වටිනවා මලයෝ…
අපි සෙල්ෆියක් ගහමු කිව් පමනින් භාෂිත්ගේ සිනහව මා දුටුවාය..
ඒ ඔහුගේ මනුසත් කමයි..
දවත් දවසක හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගත්තෙමු..
සත්තකින්ම මේ විශිෂ්ඨයා ලංකාවට පමණක් නොව ලෝකෙටම වටින පුද්ගලයෙකි…
භාෂිත් දක්ෂයෙක් නෙමේ විශිෂ්ඨයෙක්..
දෙස් විදෙස් වලින් ඇණවුම් ඔහු වෙත ලැබෙමින් පවතී..
විවිධ අවස්ථාවල විවිධ මාධ්‍ය හරහා භාෂිත් වෙත ලැබුන ප්‍රතිචාරයන් පිලිබද පෞද්ගලිකව සතුටට පත්වෙමි..
හැකියාවට වටිනාකමක්…
සුභ පතනවා භාෂිත් ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා..
ජයම වේවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top