Local

මලගෙදරටත් බස් දාලා සෙනග අදින ලංකාවේ ජරා දේශපාලනය!

අපේ රටේ දේශපාලනය අන්ත දුෂිත ජරා තත්වයකට ඇද වැටි තිබෙන්නේ රටේ දේශපාලකයින් නිසාම පමණක් නොව එවන් දුෂිතයන් වෙත ජන වරම ලබා දෙන ජනතාවත් එහි කොටස් කරුවන් බව කිව යුතුය.

මේ සිදුවීම වාර්තා වන්නේ පොලොන්නරුව ප්‍රදේශයෙන්… පසු ගිය දිනයක ඩෙංගු උණ රෝගය හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා වත්මන් පාර්ලිමෙන්තූ මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය වූ රන්ජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මියගේ අවමංගල උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවේ මේ සිදු වීම සිදුව ඇත්තේ.

මෙහිදී පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී රොෂාන් රණසිංහ විසින් බස්රථ යොදා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින් ජනතාව ගෙන්වීමට කටයුතු කොට ඇත එය සිදු කොට තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ හෝ බැසිල් රාජපක්ෂගේ ඉල්ලීමටද නැතහොත් රොෂාන්ට මහින්දගෙන් ලකුණු ලබා ගැනීමටදැයි සිතා ගත නොහැකි නමුත් මේ සිදුවීම නිසා අවමංගල කටයුතු සිදු කිරීමට අපහසු වන ආකාරයට තදබදයක්ද ඇති වී තිබේ.

එම අවස්ථාවට රැස්ව සිටි ජනතාව පිළිකුල් සහගතව රොෂාන් රණසිංහගේ මේ ක්‍රියාව විවේචනයට ලක් කල බව වාර්තා වන අතර මළගෙදරක දේශපාලනය කරන්නට තරම් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ගෝලයින් අනාථ වී ඇති බව ජනතාවට වැටහෙමින් ඇත…

දේශපාලකයින් කුමක් කිවත් ඔවුන් පසුපස ගෝත්‍රිකයන් සේ නොයා රටට ජනතාවට වැඩක් කරන ප්‍රතිපත්තිගරුක දේශපාලකයින් වහ වහා තෝරා පත් නොකර හොත් රට තවත් ප්‍රපාතයටම යනු ඇත.. සමාජ මාධ්‍ය ලෙස අපට කීමට ඇත්තේ අප සැම ගෝත්‍රික නොවී ප්‍රතිපත්ති මත පදනම්ව හොරකම දුෂණය වංචාව පිටු දකින දේශපාලකයින් වටා එක් විය යුතු බවකි… නැත හොත් ජනතාව රවටන මෙවන් පුද්ගලයින් නායකයින් වීම වලක්වා ගත නොහැක….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top