World

මව් පදවිය ලද උතුම් මිනිසා (Photos)

ස්භාවධර්මයා විසින් මව් පදවිය ලබන්න හැකියාව සෑම විටකම ලබා දි තිබෙන්නේ ගැහැණිය හට එය ජීව විද්‍යාත්මකව මෙන්ම අනිත් සෑම මතයකින් ම සනාථ කරන ලද දෙයක්.. නමුත් පිරිමියෙකුට මව් පදවිය ලැබිය හැකිද? එය වෙලාවකට විහිළුවක් වෙන්නත් පුළුවන්.. මේ කතාවෙන් කියන්නේ යන්නේ එවන් සිදුවීමක් ගැනයි.. කාලයකට කළින් ලෝක සමාජජාල පුවත් පත් සිරස්තල උණුසුම් කරන ලද කතා පුවතක් ගැනයි.

ඔහු නමින් Thomas Beatie. තෝමස් ඉපදෙන්නේ හොනලු වල හවායි දූපතේ 1974 ජනවාරි 20 වෙනිදා.. හැබැයි පිරිමි ළමයෙකු විදිහට නම් නෙමෙයි ගැහැණු දරුවෙකු විදිහට. බෙයිටි ගේ ජිවිතේ වෙනසක් ඇති වෙනවා ඒ එයාගේ යෞවනවිය ආරම්භයත් සමගයි. වයස අවුරුදු 10 පමණ වෙද්දි බෙයිටිගේ ජිවිතයේ ද්විලිංගික ලක්ෂන ඇති වෙන්න පටන් ගන්නවා. බෙයිටි ට හැම වෙලාවෙම ඕන වුනේ පිරිමියෙක් වගේ වෙන්න. රළු විදිහට කතා කරන්න හරියට පිරිමියෙක් වගේ. බෙයිටි වයස අවුරුදු 23 වෙද්දි ටෙස්ටෙස්ටරෝන් ප්‍රතිකාර සදහා යොමු වෙනවා. ඒ සැබෑ ලෙසම පිරිමියෙකු වීමේ අවශ්‍යතාවය නිසා. එහි බලපෑම නිසාම බෙයිටිගේ මුහුණේ රැවුල වැවෙන්න පටන් ගන්නවා මස්පිඩු වර්ධනය වීම වගේ දේවල් ඇති විමට පටන් ගන්නවා. 2002 වසරේ මේ අවශ්‍යතාවය දැඩි වීම නිසාම බෙයිටි Sex reassignment surgery නැතිනම් SRS නමින් හදුන්වන සැත්කමට පෙනී සිටිනවා. බෙයිටිගේ පපුව ප්‍රදේශය සැත්කම මගින් පිරිමියෙකුගේ ලෙස වෙනස් කරන්නට සමත් වෙනවා.

බෙයිටි පසුව තමන්ගේ නමද වෙනස් කර ගන්න අතර නමට තෝමස් යන කොටස එකතු කර ගන්නවා. ඒ අනුව ඔහුගේ උපැන්න සහතිකය, රියදුරු බලපත්‍රය ඇතුළු අනිකුත් සියලු විස්තර ඔහු විසින් වෙනස් කර ගන්නවා. ඔහු එතනින් නතර වෙන්නේ නෑ 2003 වර්ෂයේ පෙබරවාරි 05 දින තමන්ගේ විවාහය සිදු කර ගන්නවා ඒ Nancy Gillespie ව. නීත්‍යානූකුල හා සම්ප්‍රදායික විවාහයක් වුනු මේ විවාහය පැවැත් වුනේ හවායි වලදීමයි. තෝමස් ඒ වෙද්දිත් කාය වර්ධනය සදහා යොමු වෙලා තිබුනේ ඒ ඔහුගේ ප්‍රථම දරු උපත වුනු 2008 වසර වෙනකන්.

තෝමස්ගේ පළමු විවාහයෙන් පසුව තෝමස් බලාපොරොත්තු වුනා එයාට දරුවෙක් නැන්සිගෙන්.. නමුත් ඔවුන්ට දරුවන් ලැබීමට තරම් වාසනාවක් උදා වුනේ නෑ.. තෝමස් එතන දී හරි අපූරු තීරණයක් ගන්නවා. ඒ ඔහුට ඕන දරුවාට ඔහු විසින් ම උපත ලබා දෙන්න. තෝමස් තීරණය කරලයි තිබුනේ එයාගේ ලිංගික අවයව අභ්‍යන්තරවත් අයින් කර ගන්න ඒත් මේ තීරණය නිසා තෝමස් ඒක කරේ නෑ. ඒ අනුව තෝමස් විසින් ශූකානුවක් ලබා ගන්නවා ඒ ශූකානු බැංකුවකින්. එය ඔහු තුළ තැන්පත් කිරීමෙන් අනතුරුවයි මේ දරු ගැබ් ගැනිම සිදු කරනු ලැබුවේ. තෝමස් සෑම විටකම ටෙස්ටෙස්ටරොන් ප්‍රතිකාර සදහා දැඩිව යොමු වෙලා තිබුනා. නමුත් දරු ගැබ නිසාම ඔහු ඒ ප්‍රතිකාර අත්හරිනු ලබනවා. තොමස්ගේ පිරිමි ගතිය ඒ අවස්ථා වලදී නම් තරමක් අඩු වුනා මුහුණේ වැවුනු රැවුල ක්‍රමයෙන් නැති වෙලා ගියා.

2008 වසරේ දී තමයි තෝමස් පළමු දරු උපත ලබා දෙන්නේ එය සමාන්‍ය ක්‍රමයට බිහි වූ දරු උපතක් බවට පත් වුනා. මේ විදිහට 2008 සිට 2012 දක්වා පිළිවෙළින් ඔහු දරුවන් තිදෙනෙකුට උපත ලබා දෙන්න සමත් වෙනවා. තෝමස් කියලා තිබුනා තමන්ගේ බිරිද සමග ලිංගිකව එක්වෙන්න තමන් භාවිතා කරපු ටෙස්ටෙස්ටරෝන් වල බලපෑම නිසා ශිෂ්ණයකට සමාන අවයවක් සෑදුනු බව.

තෝමස් විසින් පළමු දරු උපත සිදු කිරීමත් සමග ලෝකයම ඔහු දෙස බලන්න පටන් ගත්තා. ඒ ලෝකයේ ප්‍රථම වරට පිරිමියෙකු විසින් දරුවෙක් බිහි කිරීමත් සමගයි. සමහර අවස්ථා වලදි තෝමස්ට සුබපැතුම් එක් වුනා, තවත් අවස්ථාවක ඔහුව හාස්‍යට ලක් වුනා.. තවත් අවස්ථාවකදී ඔහුව ගැරහුම් වලට ලක් වුනා ඒ ආගමික මත නිසා. පළමු දරු උපතනේ පසුව තෝමස් ප්‍රථම වරට රූපවාහිනියක් ඉදිරියට ගියේ Oprah Winfrey Show වැඩසටහනට ඉදිරිපත් වෙන්න. එතනදී නිහඩව සැහෙන්න කාලයක් සිටි තෝමස් බෙයිටි ඔහුව ප්‍රශ්නයක් කළ සියලු දෙනාටම පිළිතුරක් ලබා දෙන්න සමත් වෙනවා. ඒ පිළිතුර වුනේ

“මම අස්ථිර ලිංගික පිරිමි අන්‍යයතාවයක් ඇති අයෙක්. මම ගර්භණිභාවයේ ක්‍රියාවක් ලෙස දකින්න පුළුවන්, එකෙන් මාව කවුද කියලා තීරණය කරන්න බෑ. දරුවෙක් ලැබිම ගැහැණු හෝ පිරිමි අවශ්‍යතාවයක් නෙමෙයි. ඒක මනුෂ්‍ය අවශ්‍යතාවයක්. මම මනුෂ්‍යයෙක් ඒ නිසා මට අයිතිය තියෙනවා මගේ ම කියලා ජීව විද්‍යාත්මක දරුවෙක් ලැබිමට…” ඒ තමයි තෝමස්ගේ පිළිතුර වුනේ.

බෙයිටිගේ ප්‍රථම දරුවා දියණියක් ඇය Susan Juliette Beatie 2008 වසරේ ජූනි 29 වෙනිදා උපත ලබනවා. ඔවුන් එදා දරු උපතින් පසුව රෝහලින් පිටවන තුරු බොහො දෙන බලා සිටියේ මේ අපුරු පවුල දැක බලා ගැනීමටයි. 2009 ජූනි 09 වෙනිදා තෝමස් තමන්ගේ කුසින් දෙවන දරුවාටත් උපත ලබා දෙනවා ඔහු නමින් Austin Alexander Beatie… 2010 ජූලි 25 වෙනිදා තුන්වන උපත ලබා Jensen James Beatie උපත ලබනවා. පසුව 2012 වසරේ දී තෝමස් තීරණය කරනවා මේ ලිංගික ක්‍රියාව අවසන් කිරීමට. ඒ දරුවන් 3 දෙනෙකු ලැබිමෙන් පසුවයි. 2010 වසරේ දී ගිනෙස් වාර්තා පොතට තෝම්ස් බෙයිටිගේ නම යන්නේ ලෝකයේ ප්‍රථම දරු උපත් සිදු කළ විවාහක මිනිසා නමින්.

කොහොම වුනත් මේ පවුල ලස්සන වෙන්න හම්බුනේ නෑ නැන්සිගෙයි තෝමස්ගේ විවාහ ජිවිතය දෙදෙරා යමින් ලෝකයම නොසිතූ දෙයක් සිදු වුනා ඒ ඔවුන් දෙදෙනා දික්කසාද වීමත් සමගයි. තෝමස් දික්කසාද වීමත් වසර කිහිපයකට පසුව Amber Nicholas සමග 2016 වසරේ දි නැවත විවාහ වෙනවා.
Pregnant Man නමින් ඩික්සවරි නාලිකාවේ විකාශනය වූ තෝමස්ගේ ජිවිතයේ සූසෑන් හට උපත ලබා දෙන අවස්ථාව තෙක් සෑදුනු වාර්තමය චිත්‍රපටය එකළ ලෝකයේ බොහො දෙනෙක් නැරඹූ වාර්තාමය චිත්‍රපටය බවට ද පත් වුනා. “Labor of Love” නමින් කෘතියක් ද තෝමස් බෙයිටි විසින් ලියා ඇති බව සදහන් වෙනවා..

ඉතින් ඒ තෝමස් බෙයිටිගේ අපුරු කතාවයි. මේ සිදුවීමෙන් පසුව ලිංගික සැත්කම් මගින් දරුවන් බිහි කළ තවත් කතා පුවත් බොහොමයක් ගැන පසුව ලෝකයෙන් වාර්තා වුනා කියලාත් කියන්න ඕන…

-කරුණු- Daily Mail හා Wikipedia ඇසුරිණි.
දිලීප සංජය රණවක
ලෝකය සිංහලෙන් කියමු.
උපුටා ගැනීම : www.facebook.com/Lokayasinhalenkiyawamu/

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top