Local

මහනාහිමිවරුන් ප්‍රමුඛ ආගමික නායකයින් වෙත “ජනාධිපති තාත්තා” පිළිගැන්වෙයි! (Photos)

“ජනාධිපති තාත්තා” මැයෙන් චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනය වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජිවන කතාව රැගත් චරිතාපදාන කෘතිය පසුගිය සැප්තැම්බර් මස 15 වනදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත කිරීම සිදු විය.
එම ග්‍රන්ථය මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම සැප්තැම්බර් මස 30 වනදා මහනුවරදී සිදු වූ අතර මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන්ට මෙන්ම රාමඤ්ඤ නිකායේ මහානාහිමි ඇතුළු මහා සංඝ රත්නය උදෙසා ජනාධිපති තාත්තා ග්‍රන්ථය චතුරිකා මහත්මිය විසින් පිරිනැමිණ.

මීට සමගාමිව ඔක්තෝම්බර් මස 04 වනදා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස හිමිපානන් වෙත සහ කල්‍යාණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත, හිමිපාන් වෙත පිළිගන්වන ලද අතර ඔක්තෝබර් 09 දින චතුරිකා සිරිසේන මහත්මිය විසින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත සහ මුස්ලිම් ආගමික නායක රිෂ්වි මුෆ්ති මෞලවී තුමන්ට සහ හින්දු ආගමික නායක, ශිවශ්‍රී කේ වතීශ්වර කුරුක්කල් තුමන්හට “ජනාධිපති තාත්තා” කෘතිය පිළිගැන්වීම සිදු කරන ලදී…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top