Political

මහින්දට පොළොන්නරුවේදී ගල් ගැසීමට මහින්දගේ කට්ටියක් සුදානමින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැළියක් හෙට කදුරුවෙල නවෝදය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.ඒ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ඔහුගේ සහයෝගය ලබා දෙන්නේ ජි.එල් පිරිස් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය.හෙට පොළොන්නරුවේදී පැවැත්වෙන රැලියේදී මහින්ද රාජපක්ෂ විසින් වේදිකාවට ගල් ගැසීමට පිරිසක් සුදානම් කර ඇති බව මේ වන විට අනාවරණය කරගෙන ඇත.පොළොන්නරුව දිස්ත්‍රික්කය යනු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බලකොටුව බව කවුරුත් පිළිගන්නා කාරණයකි.

හෙට දිනයේ වේදිකාවට ගල් ගසා හෝ හු කියා එය සිදු කරේ මෛත්‍රිපාල සිරිසේන මහතා බව ජනතාවට පෙන්වීමට මහින්ද රාජපක්ෂ විසින් සැලසුම් කර ඇත.ඒ සියලු තොරතුරු මේ වන විට බුද්ධි අංශ මගින් ජනාධිපතිවරයාටද දන්වා ඇති බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top