Political

මහින්ද දෙවෙනි බත් පිඟාන බෙදාගෙන භාගයක් කාලා, තුන බෙදාගන්න ගිහින් භාගයක් හලා ගත්තා.! (Video)

“චන්ද්‍රිකා දෙසැරයයි, මහින්ද රාජපක්ෂ මහත්තයත් එක සැරයක් කරලා, දෙවෙනි බත් පිඟාන බෙදාගෙන භාගයක් කාලා, තුන බෙදාගන්න ගිහින් භාගයක් හලා ගත්තා. ඒකට අපට කරන්න දෙයක් නෑ.” යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිමේ කන්තලේ නිදහසේ ජනරැළිය අමතමින් අමාත්‍යවරයා කියා සිටියා.

“ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ගොවි පුතෙක් අපේ රටේ රජ වුණේ. ගොවි බිමෙන් මතුවෙලා එතුමා, රජ ගෙදරට ගිහිල්ලා, රජකම් කරලා, රට හදලා, එතුමා නැවත මේ රටේ ගොවි බිමට යන, ඒ අහිංසක නිර්ව්‍යාජ නායකයා තමයි, ජනාධිපතිතුමා. ඔබ තුමා හොඳ ගොවියෙක්. හොඳට කොටන්න පුළුවන්. හොඳට හාන්න පුළුවන්. හොඳට වපුරන්න පුළුවන්. ඔබ තුමා එක කන්නයක් පාගලා,වපුරලා යන කෙනෙක් නෙවෙයි. ඔබ තුමා මේ කන්නයේ විතරක් නෙවෙයි, එන කන්නයෙත් පාගනවා,කොටනවා,වපුරනවා, කපනවා, ජනතාවට දෙනවා. මොකෝ මෙතුමා කිරෙන් බාල වෙලාද?. ”

“චන්ද්‍රිකා දෙසැරයයි, මහින්ද රාජපක්ෂ මහත්තයත් එක සැරයක් කරලා, දෙවෙනි බත් පිඟාන බෙදාගෙන භාගයක් කාලා, තුන බෙදාගන්න ගිහින් භාගයක් හලා ගත්තා. ඒකට අපට කරන්න දෙයක් නෑ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top