Political

මහේන්ද්‍රන් – අර්ජුන් – කසුන් CID කැඳවයි – රවී ඇතුළු මහ තක්කඩියන් නීතියට කොටු කිරීම ඇරඹෙයි!

බැඳුම්කර වංචාව අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍ර පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂක අර්ජුන ඇලෝසියස් සහ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන නම්කරණු ලැබීය.

මෙම පුද්ගලයන්ගෙන් සිද්ධියට අදාළව කට උත්තර ලබාගත යුතුබව කියමින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය දැනට විදේශ ගතව සිටින සංගප්පූරු ජාතික, අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 ට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙම සිද්ධියට අදාළව රහස් පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියම කළාය.

බැඳුම්කර වංචාවට අදාළ කොමිසන් වාර්තාවල සඳහන් සාක්ෂි හා නිර්දේශ ක්‍රියාවට නංවමින් නීතිපති දෙපාර්තමේන්තුව එහි ඉදිරි පියවරයන් ක්‍රියාවට නැංවීම ආරම්භ කරනු ලැබුවේ මේ සිදුවීම සම්බන්ධව ජනතාවගේ හා දේශපාලකයින්ගේ දැඩි අවධානය යොමුව පවතින තත්වයක් තුල.

ඉහත සඳහන් පුද්ගලයින්ගේ සාක්ෂි විමසීම බැඳුම්කර කොමිසම සිදු කර තිබුනත් ඒ සාක්ෂි වලට අදාළ නීතිමය පියවර ගැනීම සඳහා මෙම කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු විය යුතු අතර මොවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම වංචාවට අදාළ හා එයට සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ක්‍රියාත්මක කිරීම ආරම්භ වන බව වාර්තා වනවා.

මෙම වංචාව සඳහා සිදු වූ දේශපාලන මැදිහත්වීම් පිළිබඳව දිගින් දිගටම හෙළිදරව් වූ අතර ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති අනපනත් සංශෝධනය හා නව නීති පැනවීම දැනටමත් අවසන් වෙමින් පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව වාර්තා කර සිටි අතර මෙම වංචා දුෂණ පිළිබඳව ලබන 6 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයෙන් පසුව මෙයට සම්බන්ධ දේශපාලකයින් පිළිබඳවද රහස් හෙළිවනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් පසුවෙනවා…

පුවත් මුලාශ්‍රය – ලංකාදීප වෙබ් අඩවිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top