Political

මැති-ඇමැති වාහනවලට ෆොටෝ අයිඩෙන්ටියක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු බව පැහැදිලිව හඳුනාගත හැකිවන අන්දමට ඔහුගේ විශාල වර්ණ ඡායාරූපයක් ගමන් කරන වාහනයේ ඉදිරිපස වීදුරුව මත සවි කිරීමට යයි.
රාත්‍රි කාලයේදීත් පැහැදිලිව ප්‍රදර්ශනය වන ආකාරයට ඇකුලින් වර්ගයේ විශේෂිත කඩදාසියක මෙම ඡායාරූපය මුද්‍රණය කෙරේ.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල විසින් කරන ලද යෝජනාවකට අනුව නව වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන මන්ත්‍රිවරුන් සඳහා වන මෙම අනන්‍යතා පත්‍ර දෙකක් එක් මන්ත්‍රිවරයකු සඳහා ලබාදීමට සැලසුම් කර ඇත.

මන්ත්‍රිවරයාගේ ඡායාරූපය ඇතුළත් එක් අනන්‍යතා පත්‍රයක් සඳහා මන්ත්‍රිවරයකුගෙන් රුපියල් දහසක මුදලක් අය කෙරේ.

අනන්‍යතා පත්‍ර ලබා ගැනීමට කැමැත්ත පළකරන මන්ත්‍රිවරුන් සඳහා ඒවා ලබාදීමේදී අදාළ මුදල මන්ත්‍රිවරයාගේ වැටුපෙන් අය කරගෙන අනන්‍යතා පත්‍ර පිළියෙල කරන සමාගම වෙත ගෙවීමට නියමිතය.

මේ වන විට මන්ත්‍රිවරුන් 200කට ආසන්න පිරිසක් එම අනන්‍යතා පත්‍ර ලබාගැනීමට ඉල්ලුම් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කිසිදු බාධාවකින් තොරව ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානි නොවන අන්දමින් මාර්ගයේ ගමන් කිරීමට ඉඩ සැලසීම සඳහා මෙසේ නව අනන්‍යතා පත්‍රයක් ලබාදීමට තීරණය වී ඇත.

පසුගියදා පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණයක් පැවැති අවස්ථාවේ මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා පිටව යෑමේදී ආරක්ෂක අංශවලින් බාධා එල්ල වූ බවට වරප්‍රසාද යටතේ එම මන්ත්‍රිවරු කතානායකවරයාට පැමිණිලි කළහ.

එවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඒ අවස්ථාවේ කතානායක කරු ජයසූරිය මන්ත්‍රිවරුන්ට දැනුම් දුන්නේය.

මන්ත්‍රිවරුන්ගේ වාහනවල ඉදිරිපස වීදුරුවෙහි ප්‍රදර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් මෙතෙක් කල් ලබාදුන් සිංහ ලාංඡනය ඇතුළත් පත්‍රිකාව වෙනුවට ඉදිරියේදී මේ අනන්‍යතා පත්‍රය භාවිත කෙරෙනු ඇත.

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා – www.mawbima.lk

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top