Entertainment

මැරිලත් ලෝකේ තාමත් අංක එකේ සල්ලි උනන සිංදු මැෂිම ජැක්සන් (Video)

ජීවත්වෙලා ඉන්න අපි සල්ලි හම්බ කරන්න මොන තරම් නම් වෙහෙසක් ගන්නවද? ඒත් ඔබ දන්නවද මිය ගියත් අති විශාල ආදායමක් උපයන කලාකරුවොත් ලෝකයේ අඩු නැති බව. ඒ අතරිනුත් පොප් ගායන ලොවේ රජු ලෙස සැලකෙන හා ලෝකයේ වැඩිම රසික සංඛ්‍යාවකගේ ආදරය දිනූ සුපිරි ගායක මයිකල් ජැක්සන් ප්‍රථම ස්ථානය හිමි කර ගන්නවා. සරලව කිව්වොත් ‘මැරිලත් සල්ලි හොයන’ ලැයිස්තුවේ අංක 1 ඔහුයි. මයිකල් මිය ගියේ 2009දී. 2009 සිට එක වසරක් හැර මේ දක්වාම ඔහු එම ස්ථානයේ රැඳී ඉන්නවා.

මයිකල් ජැක්සන්ගේ ගීත අඩංගු සංයුක්ත තැටි මෙන්ම එම ගීත දර්ශක අඩංගු සඟරා අලෙවිය මඟින් මෙම මුදල් ලැබෙන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙනවා. ඒ අනුව පසුගිය වසරේදී පමණක් මයිකල්ගේ නමට ලැබී ඇති ආදායම ඩොලර් මිලියන 825ක්. තවමත් ගණන් බලා නැතත් මේ වසරේ ආදායමද ඒ හා සමාන වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. හේතුව, අදටත් කිසිදු අඩුපාඩුවක් නැතිව හැම වසරකදීම මෙන් මයිකල්ගේ ගීත ඇල්බම් අලෙවි වීමයි. මිය ගියත් තම ජනප්‍රියත්වය එක සේ පවත්වා ගත් ලොව එකම පුද්ගලයා මොහු බව ලොව වටා සිටින මයිකල්ගේ රසිකයන් පවසනවා. කොතරම් ඇසුවත් කිසිදා එපා නොවන ඒ හඬට උන්මාදයෙන් පෙම් කරන්නන් කවදාවත් මයිකල් අතාරින පාටක් නම් නෑ.
මයිකල් ජෝශප් ජැක්සන් උපන්නේ 1958 අවුරුද්දේ අගෝස්තු 29. ඒ නව දෙනකුගෙන් යුත් පවුලේ හත්වැනියා විදියට. 1964දී සිය සහෝදරයන්ගේ සංගීත කණ්ඩායම වූ ‘ජැක්සන් 5’ සඳහා මයිකල් සම්බන්ධ වුණේ ටැම්බරින් හා බොංගෝ සංගීත භාණ්ඩ වාදනය කරමින්. වැඩි කලක් යන්නට මත්තෙන් ඔහුට මෙම සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වීමේ භාග්‍යය හිමි වුණා.

මේ කියන්න යන්නේ 1967 වසර ගැන. ඒ වෙද්දි මයිකල්ගේ වයස අවුරුදු 11යි. මෙම වසරේදී ඔහු ගායනා කළ ‘ධ් ඹචදබ රධභ ඡචජඬ’ ගීතය අති විශාල රසික ප්‍රසාදයක් හිමිකර ගැනීමට සමත් වුණා. ඔවුන්ගේ අංක 1 ගීතය වුණෙත් මෙයමයි. මයිකල් ඔහුගේ ඒකපුද්ගල ගීත ඇල්බමයක් එළිදැක්වූයේ 1978දී. එහි මිලියන 10ක් ලොව පුරා අලෙවි වුණා.

1982දී මයිකල් තව තවත් ජනප්‍රියත්වයට පත් වුණේ ‘ඊඩ්අධ්ඹ්ඹ්ඡ්අ’ ඇල්බමය එළිදැක්වීමත් සමඟයි. එය ලෝක සංගීත ඉතිහාසයේ ඉතා වේගයෙන් පිටපත් අලෙවි වූ ගීත ඇල්බමයක්. සංඛ්‍යාවෙන් කියනවා නම් මිලියන 65ක්. එය ගිනස් වාර්තාවක්.

1982දී ඔහු තැබූ ගිනස් වාර්තාවත් සමඟ 1984දී තවත් වාර්තාවකට හිමිකම් කියන්නට මයිකල්ට හැකි වුණා. ඒ එක් වසරකදී වැඩිම ග්‍රැමි සම්මාන සංඛ්‍යාවක් එනම් සම්මාන 13ක් ලබාගත් පුද්ගලයා ලෙසයි.

‘ඕඒච්’ මයිකල්ගේ නම ලොව තුළ රැඳවීමට සමත් වූ තවත් ගීත ඇල්බමයක්. එය ඔහු එළිදැක්වූයේ 1987දී. එම ගීත ඇල්බමයේ පිටපත් මිලියන 30ක් අලෙවි වූ බවයි වාර්තා වෙන්නේ. 1991දී එළිදැක්වූ ‘ඩේන්ජරස්’ හා 1995දී ආ ‘හිස්ටරි’ ද ආදායම් වාර්තා තබමින් අලෙවි වුණා. පොප් හා රොක් සංගීතය අනුව නර්තනය ඉදිරිපත් කළ ප්‍රථම හා එකම ශිල්පියා වන්නේද මයිකල්මයි. පොප්, රොක්, සෝල්, ඩිස්කෝ, ජැක් ස්වින්ග් ආදී බොහෝ ශෛලීන්වලට ඔහු ගායනය හා නර්තනය ඉදිරිපත් කළා. ගායනයෙන් පමණක් නෙවෙයි නර්තනයෙන්ද ලෝකයා වසඟ කරගැනීමට මයිකල්ට හැකි වුණා.

ජීවත්ව ඉන්න කාලෙදි වගේම ඔහුගේ මරණින් පසුවත් ගීත ඇල්බම් දෙකක් එළිදැක්වුණා. එකක් යජචනඥ. එහි ඇතුළත් වුණේ මයිකල් විසින් පටිගත කරන ලද නමුත් රසිකයන් අතට පත් නොකළ ගීත එකතුවක්. එම ගීත 1983 හා 1999 කාලය තුළ පටිගත කර තිබුණු ඒවා වුවත් ඔහු එය ඉවත දැමුවා.

නමුත් ඔහුගේ මිය යෑමෙන් පසු එළිදැක්වූ යජචනඥ බි්‍රතාන්‍යයේ ජනප්‍රියතම ගී ඇල්බම් අතරින් අංක 1 ස්ථානය හිමි කරගත්තා. මයිකල් ජැක්සන් ජීවත්ව සිටියදී එළිදැක්වූ ගීත ඇල්බම් තරමටම ඔහුගේ මරණයෙන් පසුව එළිදැක්වුණු මෙම ගීත ඇල්බම් දෙකද එකසේ ජනප්‍රිය වුණා. මයිකල්ගේ සැබෑ නොවූ සිහිනය වන්නේ ඊඩඪඵ ඪඵ ඪබ. එම වේදිකා සන්දර්ශනයත් එක්ක මයිකල් ලෝකය වටේ යන්න සැලසුම් කළේ මිය යන්න දවස් දහ අටකට පස්සේ. ඒ කියන්නේ 2009 ජූලි දහතුන. නමුත් ඔහුට ඒ ගමන යන්න බැරි වුණා. ප්‍රශ්නයක් නෑ. ජීවත් වෙලා ඉඳිද්දි යන්න බැරි වුණු ගමන ඒ කියන්නේ ලෝකය වටේ යෑම මිය ගිහින් වසර 7කට පස්සෙත් ඔහු තවමත් යනවා. ඩොලර් මිලියන ගණනින් ආදායම් ලබනවා. රසික සිත්වල තවමත් එකසේ ජීවත් වෙනවා. මයිකල් ජැක්සන්. ඔහු කොතරම් නම් වාසනාවන්ත පුද්ගලයෙක්ද. බිහිවන හැම පරම්පරාවක්ම ඔහු ආදරයෙන් වැලඳ ගන්න තරම්.

උපුටා ගැනීම මව්බිම

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Send us your Story


ඔබ සතුව පලකල හැකි පුවත් සහ වීඩියෝ ඇත්නම් ෆයිල් අක්කා ෆේස්බුක් පිටුවට එවන්න.

Copyright © 2016 TopLK.com

To Top