Local

මිල අධික භයානක මත්ද්‍රව්‍ය ග්රෑම් 40 ක් සමග ඉන්දියානුවන් දෙදෙනෙකු අඩංගුවට

රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා ” අයිස්” නැමති අති භයානක මත්ද්‍රව්‍ය ග්රෑම් 40 ක් රැගෙන ශ්‍රී ලංකාවට ඇතුළුවීමට තැත් කළ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා .

“මෙතැම්පටමින්” යන විද්‍යාත්මක නමින් හදුන්වන මෙම මත්ද්‍රව්‍යය , කෘතිමව නිෂ්පාදනය කරනු ලබන අතර , ඒවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාජ ශාලා වලට පැමිණෙන තරුණ පිරිස් අංක එකේ මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන බව අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මෙම මත්ද්‍රව්‍යය අප රටේ තරුණ පිරිස් ” අයිස්” යන නමින් හදුන්වන අතර , මේවා මිනිස් සිරුරට ඉතාමත් අහිතකර බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

අවුරුදු 41 සහ 45 යන වයස් වල සිටින මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා , ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 122 සහ යූ.එල්. – 130 දරන ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මෙම මත්ද්‍රව්‍යය එක් අයෙකුගේ මුදල් පසුම්බියේ ග්රෑම් 10 ක ප්‍රමාණයකුත් , අනෙක් ඉන්දීය ජාතිකයාගේ ඇද සිට යට ඇදුම තුළ ග්රෑම් 30 ක ප්‍රමාණයකුත් සඟවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇත.

මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා අද දින මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව , රදවා ගැනීමේ නියෝග ලබා ගෙන , ඉන් අනතුරුව කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක මූලස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top